Thursday 24 October 2013

අගමැති දී.මු.ගෙදර යයි ...?චමල් අගමැති වෙයිද?


කතානායක චමල් රාජපක්ෂ මීලඟ අගමැති වරයා ලෙස පත් කිරීමට ජනාධිපතිතුමා  විසින් තීරණය කර ඇතැයි අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.


චමල් රාජපක්ෂ අගමැති කිරීමට පෙර ඔහුගේ ප්‍රතිරූපය නැංවීම සඳහා රට පුරා චමල් රාජපක්ෂ උපහාර වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමටද තීරණය කර ඇත. එහි පළමුවැන්න ලඟදීම හම්බන්තොටින් ආරම්භ කිරීමට නියමිත ය.

වත්මන් අගමැති දිමු ජයරත්න මහතා අගමැති ධූරයෙන් ඉවත් කිරීමට බලපා ඇත්තේ ඔහු දැනට පෙලෙන රෝගී තත්ත්වයට වඩා ඔහු රාජපක්ෂවරුන්ට එරෙහි මහජන විරෝධතාවයට නායකත්වය දීම නිසා ය. දිමු තම පුත්‍රයාට මධ්‍යම පළාතේ මහ ඇමැති ධූරය ලබා ගැනීම වෙනුවෙන් බිය නැතිව සටන් කළේය. දිමු ප්‍රසිද්ධියේම කීවේ චමල්ගේ පුතා වූ ශෂින්ද්‍ර රාජපක්ෂට ඌවේ මහ ඇමැති කම දුන්නා නම් තමාගේ පුතා ද වැඩිම මනාප ගෙන තිබියදී ඔහුට මහ ඇමැති කම නොදීමට හේතුවක් නොමැති යයි හේතු සහගත නිවේදනයක් නිකුත් කරමිනි. තම පුත්‍රයාට මහ ඇමැති කම නොදීමෙන් පසුව මහනුවර පැවැති රාජපක්ෂ විරෝධී මහජන බලවේගයට දිමු ජයරත්න මහතා සක්‍රීයව සහභාගී විය. එහි වීඩියෝ පට එදිනම ආණ්ඩුවේ ඉහල අය වෙත ලැබුණු අතර ඉන්පසු ඔවුන් උරණ වී ඇති  බවට පත් විය.

චමල්ට අගමැති කම දීමට අනෙක් පසින් බලපා ඇත්තේ ජනාධිපතිතුමාගේ  රෝගී තත්ත්වයන් ය. චන්ඩියා සේ එක්සයිස් කරන සේයාරූ මාධ්‍ය මගින් ව්‍යාප්ත කළද මරා යනු අධි රුධිර පීඩනයට, පිළිකා ෙසෙල ව්‍යාප්තවීම වැලැක්වීමට දිනපතා පාවිච්චි කරයි . ලංකාවේ නීතිය අනුව ජනාධිපතිවරයා හදිසියේ මිය ගියහොත් ජනාධිපති වන්නේ අගමැතිවරයා ය. දිමු ජනාධිපති වීමේ අවදානමට පිලිතුරක් ලෙසද චමල් අගමැති කිරීමට රාජපක්ෂ හිතවාදීන්  තීරණය කර ඇත. 

මේ සියල්ලටම වඩා කේන්දර කරුවන්ගේ මග පෙන්වීම බලපා ඇතැයිද අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග වැඩි දුරටත් පවසා සිටී.

No comments:

Post a Comment