Thursday 10 October 2013

මහා ඇමැති විග්නේශ්වරන්, ජනාධිපතිතුමාව මුලාවට පත් කරයි - හෙළ උරුමය

wigneshwaran north 410px 10

ඉන්දියානු ජාතික කොඩිය ඇති, අපේ ජාතික කොඩිය නැති උතුරු පළාත් සභාව ඉන්දියාවේ ප්‍රාන්තයක්දැයි ආණ්ඩුවේ පාර්ශවකරුවකු වන ජාතික හෙළ උරුමය විමසා සිටියි.
පටන් ගැන්මේදීම උතුරු පළාත් සභාව, ශ්‍රී  ලංකා රාජ්‍ය එහි ජාතික කොඩිය අභියෝගයට හා සරදමට ලක්කොට ඇතැයි චෝදනා කරමින්, ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී  වර්ණසිංහ මහතා නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක ඉහත විමසීම සිදුකර ඇත.

උතුරු පළාත් සභාව ගැනත්, විග්නේෂ්වරන් මහ ඇමතිවරයා ගැනත් චරිත සහතික නිකුත් කරමින් රටත්, ජාතියත් නොමග යවන දුෂ්ට, විෂකුරු දේශද්‍රෝහීන්ට එරෙහිව නැගී සිටිය යුතු බවත්,  විග්නේෂ්වරන්ගේ දේශපාලන ඛෙදුම්වාදයට එරෙහිව සමස්ථ ජාතියම පෙළ ගැසිය යුතු බවත් අවධාරණය කරන ජාතික හෙළ උරුමය, මේ සම්බන්ධ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හා ක්‍රියාමාර්ග රටට පැහැදිළි කරන ලෙස බලකර සිටියි.
එම නිවේදනයේ මෙසේද ද දැක්වේ.

'' උතුරු පළාත් සභාවේ මහඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දුන් විග්නේෂ්වරන් මහතා යාපනය කෝවිල පාරේ තම අමාත්‍යධුරයේ වැඩකටයුතු ආරම්භ කරමින් උතුරු පළාත් කොඩිය හා ඉන්දීය ජාතික කොඩිය ඔසවා ඇති බව මාධ්‍ය වාර්තාකර ඇත.

උතුරු පළාත් මහඇමති ලෙස විග්නේෂ්වරන් මහතා ජනාධිපති ඉදිරියේ දිවුරුම්දීම ඇතැම් පිරිස් හදුන්වා දී තිබුණේ රටේ ව්‍යවස්ථාවේත්, රටේ නායකත්වයේත් ආධිපත්‍ය පිළිගැනීමක් ලෙසය. එය එසේ යැයි යමෙක් ප්‍රකාශ කරනවානම් විග්නේෂ්වරන් මහඇමතිවරයා තම රාජකාරිය ආරම්භ කරමින් පළාත් කොඩිය පමණක් එසවූයේ මන්ද? ඉන්දීය විදේශ ඇමතිවරයා සමඟ වූ තම පළමු රාජ්‍ය තාන්ත්‍රීක  හමුවේදී ඉන්දීය කොඩිය තම සාකච්ඡා මේසයේ ප්‍රදර්ශනය කළේ කවර අරමුණකින්ද? එහි ජාතික කොඩිය නොතිබීමට හේතුව කුමක්ද? ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නද රටේ ව්‍යවස්ථාවේම කොටසක් වූ ජාතික කොඩිය ප්‍රර්ශනය නොකළේ, දේශීය වශයෙනුත් ජාත්‍යාන්තර වශයෙනුත් කවර පණිවුඩයක් ලබාදීමටද? තම ප්‍රථම රාජ්‍යතාන්ත්‍රීක  හමුවේදී රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර පළාත් සභාව තුළ ජාතික කොඩිය හකුලූවා ඇත.
ඉන් ඉන්දීය විදේශ ඇමතිවරයාට දෙන සෘජු හෝ වක්‍ර පණිවිඩය අන් කිසිවක් නොව ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වෛරීත්වය, නීතිය, ව්‍යවස්ථාව තමන් පිළිනොගන්නා බවය. පටන් ගැන්මේදීම ශ්‍රී  ලංකා රාජ්‍ය එහි ජාතික කොඩිය අභියෝගයට හා සරදමට ලක්කොට ඇත.

ඉන්දීය විදේශ ඇමතිවරයා මෙහිදී නිල සංචාරයක් සදහා දිල්ලියට පැමිණෙන ලෙස විග්නේෂ්වරන් මහ ඇමතිවරයාට ඇරයුම් කර ඇත. ශ්‍රී  ලංකාවේ ජනාධිපතිවරයා හමුවීමෙන් පසු ඉන්දීය විදේශ ඇමති ඊ ළගට හමුවීමට ගියේ උතුරු පළාත් මහ ඇමතිවරයාය.

රාජ්‍ය තාන්ත්‍රික  කටයුතු හරහා උතුරේත් දකුණේත් ද්විත්ව පාලනයකට ඉන්දියාව කටයුතු නිර්මාණය කරමින් තිඛෙන්නේද? මෙය ඉතාම භායානක තත්වයකි.

උතුරු පළාත ඉන්දීය ආණ්ඩුවේ ප්‍රාන්තයක් නොවේ. එහි සිටින ජනතාව සම්බන්ධව වගවීම ශ්‍රී  ලංකා රජය සතුය. එය ඉන්දීය ආණ්ඩුවට හෝ උතුරු පළාත් ආණ්ඩුවට මුළුමනින් පවරා දී නැත. එබැවින් උතුරු පළාත් මහ ඇමතිවරයා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරම් දුන්නද ඔහු යන්නට හදන්නේ දෙමළ ඛෙදුම්වාදී දිසාවකට බව ආරම්භක රාජකාරියෙන් හා පළමු රාජ්‍ය තාන්ත්‍රීක  හමුවෙන්ම පෙන්නුම් කර ඇත. ''

No comments:

Post a Comment