Wednesday 16 October 2013

උතුරේ සැරිසරන අදුශ්ෂයමන අවතාර බලන්න එන්න


awathaසුනාමි රළ පහරට අසුවී දහස් ගණන් අකාලයේ ඉතා අවාසනාවන්ත ලෙස මරු තුරුළට ගොස් වසර නමයක් පිරෙන්නේ ලබන දෙසැම්බර් මස 26 වැනිදාටය.

දකුණේ පමණක් නොව උතුරේ ජනතාව ද දහස් ගණනකගේ ජීවිත සුනාමිය විසින් බිලිගෙන තිබිණි.

මුලතිව් කළල්පාඩුව ගම්මානයේ පිහිටි රාල්කුඩිකුලම් වැව් පිටියට ද මළ සිරුරු 100කට වැඩි සංඛ්‍යාවක් එදා ගසාගෙන ආවේ සුනාමි රළ පහරට අසුවීම නිසාය.

දින ගණනාවක් රාල්කුඩිකුලම් වැව පුරා විසිරී තිබුණ හඳුනා ගැනීමට පවා නොහැකිව නරක්වී තිබූ සිරුරු පසුව මිහිදන් කර ඇත.
රාල්කුඩිකුලම් වැව ඉස්මත්තේ මේ වනවිටත් නිවාස තනාගෙන  පදිංචිව සිටින්නේ යුද්ධයෙන් අවතැන්ව සිටි ජනතාවය.

සුනාමියට අසුවී මියගිය අයගේ අවතාර ?ට රාල්කුඩිකුලම් වැව්පිටියේ හා ඒ අවට අදටත් සැරිසරන බවට ජනතාව අතර විශ්වාසයක් පවතින බවට අපට දැන ගැනීමට ලැබුණේ මුලතිව් ප‍්‍රදේශයට ගිය අවස්ථාවේදීය.

අවතාර සැරි සැරීමට අමතරව මියගිය අයගේ දුක් අඳෝනාද මහ රෑ ජාමයේ වැව්පිටිය දෙසින් සමහර දවස්වලට ඇසෙන බව අපට එහිදී හමුවූ පුද්ගලයන් කිහිප දෙනකුම පැවසුවේ බය බිරාන්තවය.

විජේරාණි කලල්පාඩුව ගම්මානයේ ජීවත්ව සිට දැන් මන්නාරම ප‍්‍රදේශයේ පදිංචිව සිටින්නියකි. ඇය මේ ගම්මානය අතහැරයාමට ප‍්‍රධාන හේතුව වී ඇතැයි ද කියන්නේ රෑට සැරිසරන අවතාර හා අද්භූත ශබ්ද හා දුක් අඳෝනාවලට බියවීම නිසාය.

කිසියම් අවශ්‍යතාවක් සඳහා මුලතිව් ප‍්‍රදේශයට පැමිණ සිටියදී විජේරාණි තරුණිය අපට හමුවිය.

විජේරාණි මේ අවතාර කතාව ගැන අප සමඟ තොරතුරු හෙළිකරමින් පැවසූ කතාවයි මේ.

-සුනාමිය සිදුවූ දවසේ මුහුද ගොඩ ගලලා මේ පැත්තේ හිටපු ගොඩ දෙනෙක් මියගියා. අපිත් ජීවිතේ බේරා ගත්තේ බොහොම අමාරුවෙන්. සුනාමියට මේ පැත්තේ ගෙවල් දොරවල් පවා විනාශ වුණා. සුනාමියට අසුවී මියගිය 100කට වැඩි පිරිසකගේ මළ සිරුරු එදා රාල්කුඩිකුලම් වැවේ පාවෙමින් තිබුණා. පස්සේ කාලයකදී රෑට රෑට නිතර ඔය පැත්තේ මියගිය අයගේ අවතාර සැරිසරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමේ අද්භූත හඬවල් පවා ඇහෙන්න පටන් ගත්තා. අනේ අපව බේරා ගන්න, වගේ ආඳෝනා නගන හඬවල් පවා ඇහෙන්ඩ වුණා. සුනාමියෙන් මියගිය අයගේ හඬවල් තමා ඒ ඇහෙන්නේ කියා ගමේ ගොඩක් අය කියන්ඩ පටන් ගත්තා. ඔය කියන අවතාර කිහිප දවසක් අපිත් දැක්කා. කෑගහන ශබ්ද පවා ඇහිලා තිබෙනවා.

මා දැක්කා සුදුපාට ඇඳගත්තු කාන්තාවක්  හා පිරිමින් වැව් පිටිය පැත්තෙන් පාවෙගෙන වාගේ යනවා. ඒ අතරවාරයේ කෙඳිරිගාන ශබ්ද සහ වැළපෙන ශබ්ද පවා ඇහෙනවා. සති කිහිපයක්ම සමහර දවස්වලට මේ අවතාර මා දැක තිබෙනවා. දුක් අඳෝනා නගන ශබ්ද ඇසී තිබෙනවා. ඒ බයටම තමා පවුලේ අපි හැමෝම ගම ඇතහැරලා ගියේ” යැයි විජේරාණි පවසන්නීය.

ශිවබාලන් ඛන්නා මහතා ද පදිංචිව සිටින්නේ මේ ගම්මානයේය. මොහු මේ අවතාර කතාව ගැන අප සමඟ තොරතුරු හෙළි කරමින් මෙසේ කීය.

ඔය වැව පැත්තේ අවතාර ඉන්නවා කියා මාත් අසා තිබෙනවා. ගමේ අය අපේ කඬේට ආපු වෙලාවල්වල ඔවුන් අවතාර දැක්කා කියා තිබෙනවා. නොයෙකුත් ශබ්ද ඇසෙන බවත් ඔවුන් මා සමඟ පවසනවා. අනේ මාව බේරා ගන්න, වාගේ කියමින් කෑගහන ශබ්දත් ඇසෙන බව ඔවුන් පවසා තිබෙනවා. මානම් මේ වනතෙක් ඔය කියන අවතාර දැකලාවත්, අද්භූත ශබ්ද ඇහිලා නම් නැහැ. කොහොම වුණත් රෑට ඔය පැත්තෙ අදටත් යන්නෙ නැහැ. සුනාමිය ආපු දවසේ ගමේ හුඟ දෙනෙක් මියගියා. ඔය වැවට මළ සිරුරු 100කට වැඩි සංඛ්‍යාවක් ගසාගෙන ඇවිත් තිබුණා.

රාල්කුඩිකුලම් වැවේ වතුර මේ වනවිට සිඳීගොස් පිට්ටනියක් බවට පත්ව ඇති අතර ගම්මුන් කිහිප දෙනෙක්ම කීවේ තමන් අවතාර මේ ඉසව්වේදී රෑට දැක ඇති බවත් මිනිස්සු ගැහැනුන් කෙඳිරිගාන ශබ්ද ඇසෙන බවත්ය.

mula1
සුනාමියෙන් මියගිය අයගේ සිරුරු ගොඩගසා තිබූ රාල්කුඩිකුලම් වැව.


කාන්තාවන්ගේ හා පිරිමින්ගේ අවතාර වැවේ දෙතැනක වැව ඉස්මත්තේ සැරිසරන අයුරු තමන් දුටු බව ද එම ගම්මු අප සමඟ කියා සිටියහ.

වැව ඉස්මත්තේ නිවාස තනාගෙන අලූතින් පදිංචියට පැමිණ සිටින අය පැවසුවේ තමන් ඔය කියන අවතාර දැක නොමැති බවත් අද්භූත හඬවල් මෙතෙක් ඇසී නොමැති බවත්ය.

වැව ඉස්මත්තේ පදිංචිව සිටින නිසා මුලින්ම ඔය කියන අවතාර දැකිය යුත්තේ අප බවත් ඔය කියන හඬවල් කෑගැසීම ඇසිය යුත්තේද අපට බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

පෙරියසාමි යෝගේෂ්වරම් (47) මහතාද පචිංචිව සිටින්නේ කලල්පාඩු ගම්මානයේය.

වැව ඉස්මත්තේ රාත‍්‍රි කාලයට සමහර දිනවලට සැරිසරනවා යැයි කියන අවතාර හා අද්භූත ශබ්ද ගැන යෝගේශ්වරම් දරන්නේ මෙවැනි අදහසකි.

සුනාමියට අහුවෙලා මගේ දරුවෝ තුන් දෙනාම මියගියා. මුහුද ගොඩ ගලද්දී මාවයි බිරිඳවයි දරුවෝ තුන්දෙනාවයි ගසාගෙන යන්නට පටන් ගත්තා. අපි දෙන්නා දරුවන්ව කරේ තියාගෙන පීනාගෙන යද්දී රළ පහරකට ගසාගෙන ආ ලොකු බෝට්ටුවක් ඇවිත් අපේ ඇෙඟ් වේගයෙන් හැපුණා. අපේ කරේ හිටිය දරුවෝ තුන්දෙනාම විසිවෙලා ගිහින් ඒ රළ පහරට අසුවී ගසාගෙන ගියා. දරුවෝ තුන්දෙනා මුහුදේ ගසාගෙන ගිහින් නොපෙනී ගියේ මගේ ඇස්පනා පිටයි. මේ සිද්ධිය මතක් වෙද්දී අදටත් මට ඉවසුම් නොදෙන වේදනාවක් දැනෙන්නේ.



ඔය වැව් පිටියේ සමහර දවස්වලට අවතාර සැරිසරන බවත් මිනිස්සු ගැහැනුන්ගේ කෙඳිරි හඬ ඇසෙන කතාව මාත් අසා තිබෙනවා. සුනාමියෙන් මියගිය අයගේ සිරුරු ඔය වැවට ගසාගෙන ඇවිත් රැඳී තිබුණා. ඒක ඇත්තයි. නමුත් ඒ මියගිය අයගේ අවතාර තමා රෑට අදටත් සැරිසරන්නේ කියා සමහරුන් පවසනවා. මාත් රෑට ඔය වැව්පිටිය පැත්තට  ඕනෑ තරම් ගිහින් තිබෙනවා. අනේ මම නම් ඔය කියන අවතාර හොල්මන් දැක්කේ නැහැ. කෙඳිරිගාන ශබ්දවත් ඇහිලා නැහැ. මේ කතාව බොරුවක්. සමහරු මේ අවතාර කතාව කියන්නන් වාලේ කියන දෙයක් යැයි ද යෝගේෂ්වරම් මහතා අවසාන වශයෙන් පැවසුවේ අවතාර කතාව අවඥාවෙන් බැහැර කරමිනි.
 
mula2
සුනාමියට ලක්ව දරුවන් අහිමි වූ පෙරියසාමි යෝගේෂ්වරම්
උතුරු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ පොලිස් නිලධාරීන් පදිංචිව සිටින්නේද මේ වැවට ආසන්නව පිහිටි නිවසකයි.
ඔය විජයරාණි කියන තරුණිය අපිත් එක්කත් කිව්වා මේ ගෙදර පදිංචියට ආපු කාලයේම සර්ලා කොහොමද ඔයගෙදර ඉන්නේ රෑට වැවේ අවතාර තිබෙනවා කියා. කෑගහන ශබ්ද එහෙම ඇහෙනවා කියා. ඇයි සර්ලා අවතාර දැක්කේ නැත්ද කියලත් අපෙන් විජේරාණි අහලා තිබෙනවා. මේ වනතෙක් අප කිසිම කෙනෙක් ඔය අවතාර දැකලා නැහැ. ගැහැණු මිනිස්සු කෙඳිරිගාන හඬවල් ඇහිලත් නැහැ. මෙතැන අවතාර තිබෙනවා යැයි කියන කතාව බොරුවක්. එහෙම අවතාර තිබුණා නම් අපේ නිලධාරීන් කවුරු හෝ කෙනෙක් දකින්න  ඕනෑ. නමුත් අපේ කිසිවෙක් දැකලා නැහැ. යැයි පැවසුවේ උතුරු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක පුෂ්පිත ගුණරත්න මහතාය.

සුනාමියට අසුවුණ මිනිසුන්ගේ ගැහැනුන්ගේ හා කුඩා දරුවන්ගේ සිරුරු 100ක් පමණ වැවට ගසාගෙන පැමිණ තිබුණ නිසා ගමේ ඇතැමුන් අවතාර ඇතැයි කියා විශ්වාස කරනවා විය හැකිය.

මියගිය පසු අවතාර වී රෑට සැරිසරනවා යැයි සිතීම කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති මිථ්‍යා විශ්වාසයක් බව යළිත් පැවසිය යුතුව තිබේ.

No comments:

Post a Comment