Thursday 10 October 2013

සජිත් රනිල් සමගියට මුල පුරයි,


එක්‌සත් ජාතික පක්‍ෂය දිනන මාවතකට ගෙන ඒම සඳහා පත් කිරීමට නියමිත උත්තරීතර මණ්‌ඩලය සම්බන්ධව සාකච්ඡා කිරීමට තමන් කැමැත්තෙන් සිටින බව එජාප හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා zදිවයිනZට පැවසීය.

ඒ සඳහා රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය යන මහත්වරුන් සමග ලබන සතියේ දිනෙක නිසැක වශයෙන්ම සාකච්ඡා පවත්වන බව කී ඒ මහතා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ යොදාගත් සංවර්ධන වැඩසටහන් කිහිපයක්‌ සඳහා සහභාගි වීමට තිබූ බැවින් එම සාකච්ඡාව දින කිහිපයකින් කල් ගිය බවද කීය.

එම සාකච්ඡාවට සහභාගි නොවන බවට තමන් තීරණයක්‌ ගෙන නැති බවත් ප්‍රේමදාස මහතා පැවසීය.


මුලාශ්ශය----දිවයින 

No comments:

Post a Comment