Thursday 10 October 2013

ඇමැති මහින්ද අමරවීර ඉල්ලා අස්වෙයිද......?මටත් වගකීමක් තියනවා .

අවිස්සාවේල්ල පෙන්ඩ්‍රික්වත්ත ජල පොම්පාගාරයේ ක්ලෝරීන් අඩංගු සිලින්ඩරයක ඇතිවූ කාන්දුවකින්පුද්ගලයන් 302කට ආසන්න පිරිසක් රෝහල්ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා (10) අළුයම සිට විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිය නිලධාරින් එහි පිටත් කර යැවූ බව ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. රෝගාතුර වූ 65 දෙනෙකු තවදුරටත් අවිස්සාවේල්ල රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබති. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි. එම දෙදෙනා දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවත් පැවසේ.
අදාළ ජල පොම්පාගාරයේ ක්ලෝරීන් අඩංගු සිලින්ඩරයක කාන්දුවක් රාත‍්‍රී9.00ට පමණ සිදු වී ඇති අතර සුළු මොහොතකින් පොම්පාගාරය අවට වතු නිවාසවල ජීවත් වූ ජනතාව ස්වසනාබාධවලට ලක් වී රෝහල්ගත කරනු ලැබීය.
මෙය ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලයට අයත් කටයුත්තක් වූවත් ඇමැතිවරුන් වශයෙන් තමන්ටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගකීමක් ඇතැයි ඇමැතිවරයා පැවසුවේය.
රට පුරා පවතින මෙවැනි ස්ථාන නිසි කාලයේ දී නඩත්තු නොවීම මීට හේතුවක් විය හැකි යැයි කී ඇමැති මහින්ද අමරවීර මහතා ඒ සම්බන්ධයෙන් සොයා බැලීම වහා ආරම්භ කළයුතු බව පෙන්වා දුන්නේය. 

No comments:

Post a Comment