Sunday 13 October 2013

ජනාධිපතිතුමා හා ආර්.සම්බන්ධන් කොපි බොයි, ටි .එන් .ඒ . දෙකට කැඩෙයි....


Sambandan 410px 13-10-13දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ පහක් තිබුනත් එක පක්ෂයක් පමණක් ගන්නා තීරණ අනුව වැඩ කිරීමට සිදුව ඇති බව එහි අනෙකුත් පක්ෂ චෝදනා කරති. ඔවුන්ගේ චෝදනා එල්ලවී ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්දන් මහතා වෙතය.
දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් ඊයේ යාපනයේදී කනදවා තිබු මාධ්‍ය හමුවේදී මෙම කාරණා හෙලිදරව්විය.

එහිදී  අදහස් දැක්වූ ඊ. පී. ආර්. එල්. එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා සඳහන් කළේ,
"මහ ඇමති ලෙස දිවුරුම්දීම සාමාන්‍ය දෙයක් කියලා තමයි අපිට මුලින්ම කියලා තිබූණේ. එහි වැදගත්කමක් නැහැ කියලා කිව්වා. මේ දිවුරුම්දීම සාමාන්‍යයෙන් සාමදාන විනිසුරුවරයෙක් හෝ නීතිඥයෙක් ඉදිරියේ කරන්න පුළුවන් කියලා නීතිඥයෙක් වන සම්බන්ධන් හා සුමන්දිරම් ම තමයි අපට කිව්වේ. ඒ අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන හොඳටම දන්න අය. ඒ අයම තමයි කිව්වේ මේක සාමාන්‍ය දෙයක් කියලා. එහෙම කියපු අයම පහුවදා කියනවා මේ දිවුරුම්දීම ජනාධිපතිතුමා ඉදිරියේදී කරන්න පුළුවන් කියලා. සිංහල දෙමළ ජනතාව එකගතාවයක් ඇති කරන්න තමයි අපි ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙන්නේ කියලා. ඒ අයගේ කැමැත්ත අනුව ඒ අයම දිනය සහ වේලාව යොදා ගත්තා."
ප්ලොට් සංවිධානයේ සිවාජීලිංගම් ද මෙහිදී අදහස් දැක්වීය.
"ප්‍රථමවරට උතුරු නැගෙනහිර පළාත් සභා පිහිටුවන කොට හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙක් වූ වර්ධරාජා පෙරුමාල්  එදා ත්‍රිකුණාමලයේදී ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ. එදා එතුමාට ඕන නම් ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙන්න පුළුවන්කම තිබුණා. ඉන්දියානු ගුවන් හමුදාවත් ඊට උදව් කරන්න එකග වෙන්න තිබුණා. ජනාධිපතිතුමා හෝ ආණ්ඩුකාරවරයා දිවුරුම්දීමට අවස්ථාවක් නැහැ. ඇයි මේ අය මෙහෙම දෙයක් කළේ. එකට එයාලා උත්තර දෙන්න ඕනේ."
ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්තන් සඳහන් කළේ,
"දෙමළ ජාතික සන්ධානයේ ඉන්න පකෂ 5ම එකතු වෙලා තමන්ගේ ඉල්ලීම ඉෂ්ඨ කරයි කියන අපේක්ෂාවෙන් තමයි මේ පක්ෂ 5 ටම  දෙමළ ජනතාව ඡන්දය දුන්නේ. ඒ අයගේ අපේක්ෂා බිඳ වැටිලා කියලයි මට හිතෙන්නේ."
පළාත් අමාත්‍ය ධූරය ප්‍රධානය කිරීම සම්බන්ධ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කළ ප්‍රකාශය පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන්  සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගෙන් විමසීමක් කළෝය.
එහිදී අදහස් දැක්වූ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා සඳහන් කළේ,
"පළමුවෙන්ම අප සාකච්ජා කළා කාට ද අමාත්‍ය ධූර දෙන්න ඕනේ කියලා. වෛද්‍ය සිවමෝගම් කියලා කෙනෙක් ඉන්නවා එයාට සෞඛ්‍ය අමාත්‍ය ධූරය දෙන්න ඕනේ කියලා කිව්වා. එය ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ අපි සාකච්ජා කළා මොකද්ද කරන්න ඕනේ කියලා. එත් ඒ අය සාකච්ජාවට අවේ නැහැ. අපි ඉල්ලන දේවල් දෙන්නේ නැත්තන් අපි තව දෙයක් ඉල්ලනවා.

No comments:

Post a Comment