Sunday 13 October 2013

කැළණියට ප්‍රසන්න ගේනවා ,මර්වින් සිල්වා එලේවුව. - කැළණිය මන්ත‍්‍රීවරුන්


Prasanna R 410px බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා කැළණිය ආසන සංවිධායකවරයා ලෙස පත්කරන්නැයි කැළණිය ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
අමාත්‍ය මර්වින් සිල්වා කැළණිය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩුව පවතින එම තනතුරට මේ දක්වා ස්ථීර සංවිධායකවරයෙකු පත්කර නොමැත.

කෙසේ වෙතත් දැනට එම තනතුරේ වැඩබලන්නේ පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතායි.
 එම නිසා පළාත් මහ ඇමතිවරයාට දැනට ලබාදී ඇති වැඩබලන ආසන සංවිධායක තනතුර ස්ථීර කරන්නැයි ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව එහි සභාපති ප‍්‍රසන්න රණවීර මහතා  කියා සිටියේය.

කෙසේ වෙතත් කැළණිය ආසන සංවිධායක ධුරයට යළිත් වරක් අමාත්‍ය මර්වින් සිල්වා මහතා පත් කිරීමට රජය සූදානම් වන බවට අද (13) මාධ්‍ය වාර්තා පළවී ඇත.

මේ සම්බන්ධයෙන්ද කැළණිය ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එවැනි දැනුම්දීමක් තවමත් තම මන්ත‍්‍රීවරුන් වෙත කර නොමැති බවයි. අමාත්‍ය මර්වින් සිල්වා මහතා යළිත් එම තනතුරට පත්කළහොත් ඔහුත් සමග වැඩ කිරීමට සූදානම් නොමැති බව ද ප‍්‍රසන්න රණවීර සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment