Thursday 10 October 2013

අන්තර්ජාල ලෝකයේ ලංකාව ලොකු වෙයි,දකුනු අප්‍රිකාව පුංචි වේ.


ඔක්ස්ෆෙර්ඩ් අන්තර්ජාල ආයතනය (Oxford Internet Institute) කරන ලද සමීක්ෂණයකට අනුව ඔබ සෑම දිනම අන්තර්ජාලය හා සම්බන්ධ වන විට  , එමගින් ලබා ගන්නා දත්ත මගින් අන්තර්ජාලය ජනගහණ සිතියමක් නිර්මාණය කිරීමට සමත් වී ඇත . මෙම සිතියමේ කැපී පෙනෙන ලක්ෂණ ලෙස අප්‍රිකාව නොපෙනෙන තරම් කුඩා වීමත් චීනය ඉතා විශාල වීමත්ය. භුමි ප්‍රමාණය හා සැසදීමේදී කැනඩාවේ  හා රුසියාවේ අන්තර්ජාල ජනගහණය ඉතා අඩුමට්ටමක පවතී . ශ්‍රී ලංකාව ලෝකයේ භුමි ප්‍රමාණයට සාපේක්ෂව වැඩි අන්තර්ජාල ජනගහණයක් පවතින බව අන්තර්ජාල සිතියමෙහි දැක්වෙයි .
ලෝකයේ වැඩිපුරම භාවිතා කරන  වෙබ් අඩවි සිතියෙමේ ද ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 50ක්  facebook වෙබ් අඩවිය භාවිතා කරන බව ඔක්ස්ෆෙර්ඩ් අන්තර්ජාල ආයතනය පෙන්වා දෙයි.

චන්දිම ඒකනායක 

No comments:

Post a Comment