Thursday 22 August 2013

මහරගමදී සිසුවියක් පැහැර ගැනීමට වළි කෑ පුතාගේ අප්පා ජනාධිපතිගේ ලේකම් කෙනෙක්: අම්මා ශිරන්තිගේ සට්ටැඹිනියක්:

මහරගමදී සිසුවියක් පැහැර ගැනීමට වළි කෑ පුතාගේ අප්පා ජනාධිපතිගේ ලේකම් කෙනෙක්: අම්මා ශිරන්තිගේ සට්ටැඹිනියක්: ඉතින් අපරාධකරුවෝ හිනා වෙවී ගෙදර ගිහින්-------

(ලංකා ඊ නිව්ස් -2013.අගෝ.21, පෙ.ව.6.00) ලංකාවේ සිදුවන ලොකු කුඩා සෑම අපරාධයකම මූලය වී ඇත්තේ ලංකාව යටත් කරගෙන සිටින මැදමූලන අපරාධකාරී රාජපක්ෂ පවුල බවට තවත් සාක්කියක් සපයමින් පෙරේදා මහරගමදී පාසැල් සිසුවියක් පැහැර ගැනීමට තැත් කිරීම පිටුපසද සිටින්නේ රාජපක්ෂලා බව 'ලංකා ඊ නිව්ස්' අභ්‍යන්තර තොරතුරු සේවය වෙත හෙළි වී තිබේ.

මෙවර අපොස උසස් පෙල විභාගයට පෙනී සිටින 17 හැවිරිදි සිසුවියක් බලහත් කාරයෙන් පැහැර ගැනීමට කිහිප වතාවක්ම උත්සාහ දරා ඇත්තේ මැදමූලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙක් වන රොහාන් වැලිවිට ගේ පුත්‍රයා වන එන්.ඒ. වැලිවිට ය. රොහාන් වැලිවිටගේ බිරිඳ අනෝමා වැලිවිට වැඩ කරන්නේ ද ශිරන්ති රාජපක්ෂගේ පෞද්ගලික සහකාර හෙවත් සට්ටැඹි කාන්තාවක් ලෙසටය.

මෙම ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් මැර පුත්‍රයා පසුගිය 17 දා සිසුවියගේ නිවසටම පැමිණ දෙමව්පියන්ට පවා තර්ජනය කර සිසුවිය පැහැර ගෙන යාමට උත්සාහ කර ඇත. ඒ සම්බන්ධයෙන් සිසුවියගේ පියා අතුරුගිරිය පොලිසියට පැමිණිලි කළ නමුත් නීතිය ක්‍රියාත්මක වී නැත. තම දරුවා පැහැර ගැනීමට ගෙදරට පැමිණි එකා ගැන පොලිසියට පැමිණිලි කළ විට පොලිසිය ක්‍රියාත්මක නොවන්නේ නම් පියෙකු කෙතරම් අසරණ වෙනවා ද? ඉන්පසුව සිසුවිය පෙරේදා 19 දා උසස් පෙල විභාගයට පෙනී සිටීමට නුගේගොඩට පැමිණි අතර විභාගය අහවර වී ගෙදර යද්දී ඇය ගමන් ගත් බස්රථය පසු පස කළු පැහැති මෝටර් රථයකින් හඹා ආ රොහාන් වැලිවිටගේ මැර පුතා සහ පිරිස මහරගමදී බස් රථය නතර කර සිසුවිය පැහැරගෙන යෑමට යළිත් උත්සාහ කළහ. සිසුවිය කෑ ගැසූ බැවින් අසල සිටි අය මැදිහත් වී එය වළක්වා පිරිස මහරගම පොලිසියට අල්ලා බාර දුන්හ. පසුව ඇයගේ දෙමාපියන්ද පොලිසියට පැමිණ යළිත් පැමිණිල්ලක් කළද නීතිය ක්‍රියාත්මක වූයේ නැත.

මහරගම පොලිසිය මෙම පැහැර ගැනීම සටහන් කර ඇත්තේ 'සුළු පැමිණිල්ලක්' ලෙසය. සිසුවියක් දෙවතාවක් පැහැර ගැනීමට තැත් කිරීම මහරගම පොලිසියට සුළු පැමිණිල්ලකි. සුළු අපරාධ පැමිණිලි පොත් අංක (එම්.ඕ.අයි.බී) 121/245 යටතේ රොහාන් වැලිවිට ගේ පුතා වූ එන්.ඒ. වැලිවිට(18), එම්.ඩබ්. දේදුනුගේ(19), කේ ගනේවත්ත(18), එස් දේවානන්ද(18), ජී.එන් අබේවර්ධන(19) යන පිරිස අත් අඩංගුවට ගෙන ඇත. සිසුවියක් පැහැර ගැනීමට වාහන පවා රැගෙන පැමිණි මොවුන්ද තාත්තලාගේ අම්මලාගේ ජනාධිපති ඌෂ්නය කරටියට ගැසූ අපොස උසස් පෙල කරන සිසුන් වීම බරපතලය. ඔවුන්ගේ පාසැල ඩී.එස්.සේනානායක විදුහල ය.

මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇත්තේ 19 දා සවස 5.25 ට වන අතර රාත්‍රී 10.40 වන විට පොලිස් ඇප මත නිදහස් කර නිවෙස් කරා යවා ඇත.

"ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්තුමා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාශ බාර වෙත කරන ලද දැනුම් දීම මත සැක කරුවන්ට ඇප දී මුදා හරිමි" යනුවෙන් පොලිස් පොතේ සටහන් යොදා තිබේ.

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් තුමා රොහාන් වැලිවිට බව සඳහන් කර නැත. 

සිසුවියක් දෙවතාවක් පැහැර ගෙන යෑමට තැත් කිරීම සහ අඩන්තේට්ටම් කිරීම යන චෝදනාවට අත් අඩංගුවට ගත් පුද්ගලයන්ට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්ලා කීවා කියා පොලිස් ඇප මත නිදහස් කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුට තබා අධිකරණයක මහේස්ත්‍රාත්වරයෙකුටවත් ඇප මත නිදහස් කිරීමට බලයක් නැත. එය බල අපරාධ 21 කට ගැනෙන වරදකි.

එම නීති විරෝධී ක්‍රියාව කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාද කලක් ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ ඩබ්.එම්.එම් වික්‍රමසිංහ නම් මැදමූලන පර්සි මහේන්ද්‍රගේ සට්ටැඹියෙකි. 

වයස අවුරුදු 90 ක ආච්චි කෙනෙක් දූෂනය කළ වැලි හේමන්තයා නීතියෙන් බේරීම පිටුපසද, අවුරුදු 17 ක පාසැල් දැරියක් පැහැරගෙන යෑමට පැමිණි වැලිවිට නීතියෙන් බේරීම පිටුපසද සිටින්නේ එකම අපරාධ කාරයෙකි. ඔහු නම් පසුගියදා වැලිවේරියේදී පාසැල් සිසුන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් වෙඩි තබා ඝාතනයට අණ දුන් මැදමූලන අපරාධකාරයා වන මෘග මහේන්ද්‍ර රාජපක්ෂ ය.

'අපේ එකෙක් නම් අපි හදන්නේ බේරා ගන්නයි' යන්න ඔහු ප්‍රසිද්ධියේම පිලිගත් න්‍යායයි.





ලංකාවේ සිදුවන ලොකු කුඩා සෑම අපරාධයකම මූලය වී ඇත්තේ ලංකාව යටත් කරගෙන සිටින මැදමූලන අපරාධකාරී රාජපක්ෂ පවුල බවට තවත් සාක්කියක් සපයමින් පෙරේදා මහරගමදී පාසැල් සිසුවියක් පැහැර ගැනීමට තැත් කිරීම පිටුපසද සිටින්නේ රාජපක්ෂලා බව  හෙළි වී තිබේ.

මෙවර අපොස උසස් පෙල විභාගයට පෙනී සිටින 17 හැවිරිදි සිසුවියක් බලහත් කාරයෙන් පැහැර ගැනීමට කිහිප වතාවක්ම උත්සාහ දරා ඇත්තේ මැදමූලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙක් වන රොහාන් වැලිවිට ගේ පුත්‍රයා වන එන්.ඒ. වැලිවිට ය. රොහාන් වැලිවිටගේ බිරිඳ අනෝමා වැලිවිට වැඩ කරන්නේ ද ශිරන්ති රාජපක්ෂගේ පෞද්ගලික සහකාර හෙවත් සට්ටැඹි කාන්තාවක් ලෙසටය.

මෙම ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් මැර පුත්‍රයා පසුගිය 17 දා සිසුවියගේ නිවසටම පැමිණ දෙමව්පියන්ට පවා තර්ජනය කර සිසුවිය පැහැර ගෙන යාමට උත්සාහ කර ඇත. ඒ සම්බන්ධයෙන් සිසුවියගේ පියා අතුරුගිරිය පොලිසියට පැමිණිලි කළ නමුත් නීතිය ක්‍රියාත්මක වී නැත. තම දරුවා පැහැර ගැනීමට ගෙදරට පැමිණි එකා ගැන පොලිසියට පැමිණිලි කළ විට පොලිසිය ක්‍රියාත්මක නොවන්නේ නම් පියෙකු කෙතරම් අසරණ වෙනවා ද? ඉන්පසුව සිසුවිය පෙරේදා 19 දා උසස් පෙල විභාගයට පෙනී සිටීමට නුගේගොඩට පැමිණි අතර විභාගය අහවර වී ගෙදර යද්දී ඇය ගමන් ගත් බස්රථය පසු පස කළු පැහැති මෝටර් රථයකින් හඹා ආ රොහාන් වැලිවිටගේ මැර පුතා සහ පිරිස මහරගමදී බස් රථය නතර කර සිසුවිය පැහැරගෙන යෑමට යළිත් උත්සාහ කළහ. සිසුවිය කෑ ගැසූ බැවින් අසල සිටි අය මැදිහත් වී එය වළක්වා පිරිස මහරගම පොලිසියට අල්ලා බාර දුන්හ. පසුව ඇයගේ දෙමාපියන්ද පොලිසියට පැමිණ යළිත් පැමිණිල්ලක් කළද නීතිය ක්‍රියාත්මක වූයේ නැත.

මහරගම පොලිසිය මෙම පැහැර ගැනීම සටහන් කර ඇත්තේ 'සුළු පැමිණිල්ලක්' ලෙසය. සිසුවියක් දෙවතාවක් පැහැර ගැනීමට තැත් කිරීම මහරගම පොලිසියට සුළු පැමිණිල්ලකි. සුළු අපරාධ පැමිණිලි පොත් අංක (එම්.ඕ.අයි.බී) 121/245 යටතේ රොහාන් වැලිවිට ගේ පුතා වූ එන්.ඒ. වැලිවිට(18), එම්.ඩබ්. දේදුනුගේ(19), කේ ගනේවත්ත(18), එස් දේවානන්ද(18), ජී.එන් අබේවර්ධන(19) යන පිරිස අත් අඩංගුවට ගෙන ඇත. සිසුවියක් පැහැර ගැනීමට වාහන පවා රැගෙන පැමිණි මොවුන්ද තාත්තලාගේ අම්මලාගේ ජනාධිපති ඌෂ්නය කරටියට ගැසූ අපොස උසස් පෙල කරන සිසුන් වීම බරපතලය. ඔවුන්ගේ පාසැල ඩී.එස්.සේනානායක විදුහල ය.

මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇත්තේ 19 දා සවස 5.25 ට වන අතර රාත්‍රී 10.40 වන විට පොලිස් ඇප මත නිදහස් කර නිවෙස් කරා යවා ඇත.

"ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්තුමා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාශ බාර වෙත කරන ලද දැනුම් දීම මත සැක කරුවන්ට ඇප දී මුදා හරිමි" යනුවෙන් පොලිස් පොතේ සටහන් යොදා තිබේ.

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් තුමා රොහාන් වැලිවිට බව සඳහන් කර නැත.

සිසුවියක් දෙවතාවක් පැහැර ගෙන යෑමට තැත් කිරීම සහ අඩන්තේට්ටම් කිරීම යන චෝදනාවට අත් අඩංගුවට ගත් පුද්ගලයන්ට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්ලා කීවා කියා පොලිස් ඇප මත නිදහස් කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුට තබා අධිකරණයක මහේස්ත්‍රාත්වරයෙකුටවත් ඇප මත නිදහස් කිරීමට බලයක් නැත. එය බල අපරාධ 21 කට ගැනෙන වරදකි.

එම නීති විරෝධී ක්‍රියාව කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාද කලක් ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ ඩබ්.එම්.එම් වික්‍රමසිංහ  සට්ටැඹියෙකි.

වයස අවුරුදු 90 ක ආච්චි කෙනෙක් දූෂනය කළ වැලි හේමන්තයා නීතියෙන් බේරීම පිටුපසද, අවුරුදු 17 ක පාසැල් දැරියක් පැහැරගෙන යෑමට පැමිණි වැලිවිට නීතියෙන් බේරීම පිටුපසද සිටින්නේ එකම අපරාධ කාරයෙකි.
'අපේ එකෙක් නම් අපි හදන්නේ බේරා ගන්නයි' යන්න ඔහු ප්‍රසිද්ධියේම පිලිගත් න්‍යායයි.

No comments:

Post a Comment