Thursday 10 October 2013

සැමියට හොරා ''ස්කයිප්'' එකේ නිරුවත පෙන්වූ බිරිද මට්ටු වෙයි.


fbsexඅන්තර් ජාලයේ "ෆේස්‌බුක්‌" මගින් විවාහක සුරූපී රූපලාවන්‍ය ශිල්පිනියක්‌ විසින් හඳුනාගත් හදිසි පෙම්වතකු විසින් ඇගේ නිරුවත දැකීමට ආශා කරන බවට ඇයට දන්වා ඇගේ නිරුවත් දර්ශන ඇගේ කැමැත්ත මත අන්තර්ජාලයේ "ස්‌කයිප්" මගින් ලබාගෙන එය වීඩියෝ ගත කොට එම දර්ශන අන්තර්ජාලයට මුදානොහැරීමට නම් රූපලාවන්‍ය ශිල්පිනියගෙන් රුපියල් ලක්‍ෂ 2 1/2 ක කප්පමක්‌ ඉල්ලූ සැකකරුවකු රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් දස ලක්‍ෂයක ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කළේය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිට ඇප නියම වූ සැකකරු වූයේ රාගම මත්තුමගල මීගමුව පාරේ පදිංචි දැඩිගම ආරච්චිගේ චතුරංග ප්‍රභාත් නමැත්තෙකි. එම සැකකරුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ගොනු කළ පැමිණිල්ල අනුව මෙහි පැමිණිලිකාරිය වූ රූපලාවන්‍ය ශිල්පිනිය ක¹න පල්ලිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය රූපලාවන්‍ය ශිල්පයට අමතරව මනාලියන් හැඩගැන්වීම සහ කොණ්‌ඩා මෝස්‌තර සැකසීමද සිදුකරයි.
ඇයට ඒ සඳහා ආයතනයක්‌ ඇත. මෙහි පැමිණිලිකාරියට සැකකරු හමුවී ඇත්තේ "ෆේස්‌බුක්‌" මගිනි. ඔවුන්ගේ ආදරය සහ මිතුදම ලියලද්දී සැකකරු ඇගේ නිරුවත දැකීමට ආශා බවත් එම දර්ශන අන්තර්ජාලයේ "ස්‌කයිප්" මගින් ඔහුට දැකගත හැකි බවත් පවසා ඇත. පසුව ඇයට ඇගේ පරිගණකය හමුවේ නිරුවත්ව සිටීමට සැකකරු ආයාචනා කර ඇත. ඇය ඒ අනුව ඔහුගේ ඉල්ලීම ඉටුකළ අවස්‌ථාවේ "ස්‌කයිප්" මගින් යොමුවූ නිරුවත් දර්ශන සැකකරු වීඩියෝ ගත කර ඇත. පසුව සැකකරු එම නිරුවත් දර්ශන අඩංගු සංයුක්‌ත තැටියක්‌ රූපලාවන්‍ය ශිල්පිනියට එවා ඇති අතර එම දර්ශන අන්තර් ජාලයට මුදානොහැරීමට නම් සැකකරු රුපියල් ලක්‍ෂ 2 1/2 ක කප්පමක්‌ ඉල්ලූ බව පැමිණිල්ලේ සඳහන් වේ. පසුව පැමිණිලිකාරිය සැකකරුට කප්පම් ලබාගැනීමට පැමිණෙන ලෙස දන්වා ඇගේ සැමියාගේ සහ ප්‍රදේශවාසීන්ගේ ආධාරයෙන් සැකකරු අල්ලා පොලිසියට භාරදී ඇත. විත්තිය වෙනුවෙන් නීතිඥ ප්‍රියන්ත රාජපක්‍ෂ සහ දිනේෂ් ඉන්දික යන මහත්වරුන් පෙනී සිටියහ. වැඩිදුර විභාගය නොවැම්බර් මස 2 දින පැවැත්වේ.

No comments:

Post a Comment