Monday 21 October 2013

මරණ ලැයිස්තුවේ සිටින ඊලග දේශපාලන නායකයා .......?


අනතුරු ඇඟවීමයි..! දේශපාලන ඝාතනයකට රෙජීමයේ ඉහල තැනකින් පාතාල නායකයෙකුට කොන්ත්‍රාත්තුවක්-----

(ලංකා ඊ නිව්ස් -2013.ඔක්.21, ප.ව.11.50) පාලක රෙජීමයට හිසරදයක් වී ඇති දේශපාලන ඝාතනයක් සඳහා රටේ ඉහල ස්ථානයකින් පාතාල නායකයෙකුට කොන්ත්‍රාත්තුවක් දී ඇතැයි අති රහස්‍ය වාර්තාවක් උපුටා දක්වන 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' පවසයි. 

මෙම අති රහස්‍ය වාර්තාව රාජ්‍ය බුද්ධි සේවය (එස්අයිඑස්) විසින් සකසන ලද්දකි. 

කොන්ත්‍රාත්තුව ලත් ආමර් වීදියේ නීලන් හෙවත් චක්කු හෙවත් හබරලයා නමැති පාතාල නායකයා තම ඉලක්කය වූ දේශපාලන ඝාතනය සඳහා මේ දිනවල සැලසුම් සකස් කරමින් ඔත්තු එකතු කරමින් සිටින බව එම වාර්තාවේ සඳහන් වේ.

ඉහත කී ආමර් වීදියේ නීලන් නම් පාතාල නායකයා, තෙල්බාලා නමැති පාතාල නායකයාගේ ගුවන් හමුදාවේ සේවයෙන් ඉවත්ව සිටින මස්සිනා කෙනෙකුගේ ගෝලයෙකි. ඔහුට මිනීමැරුම් තුනක් ගැන චෝදනා එල්ල වී ඇති අයෙකි. 2005 දී ගිනි අවියක් සමග මොහු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගත් නමුදු දේශපාලන බල පුළුවන්කාර කම මත නිදහස් වී තිබේ.

ඝාතනයට ඉලක්ක වී ඇති දේශපාලනඥයා නුදුරු අනාගතයේදී පාලක රෙජීමයට මහත් හිසරදයක් වන බවට තක්සේරු කර ඇති ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙකි. මෙම ඝාතනයට රජයේ නිල ඝාතන කණ්ඩායම් හවුල් කර නොගැනීමට තීරණය කර ඇත්තේ ඉලක්කය තීරණාත්මක බැවින් යම් හෙයකින් කිසියම් දුර්වල තැනකින් හෙළිදරව් වුවද එය පාතාලයේ ක්‍රියාවක් ලෙස ලෝකයාට ඉදිරිපත් කළ හැකි නිසා ය.

ලංකාවේ මිනීමරු රෙජීමය තම ඝාතන සැලසුම් කරන්නේ කිසිවෙකු හෝ සැක නොසිතෙන අවස්ථා වලදී වන අතර මෙම දේශපාලන ඝාතනය ද සැලසුම් කර ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ලඟ තිබියදී ය. ඕනෑම අයෙක් සිතන්නේ මෙවැනි රාජ්‍ය නායක සමුළුවක් කටේ තබාගෙන දේශපාලන ඝාතනයක් රෙජීමය විසින් කරයිද යන්නයි. එම සැක නොසිතන අවස්ථාවම තම මිනීමරු ඉලක්කය සපුරා ගැනීම සඳහා මිනීමරු රෙජීමය විසින් පාවිච්චි කිරීමට යන බව 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' වැඩිදුරටත් පවසයි.

පාලක රෙජීමයට හිසරදයක් වී ඇති දේශපාලන ඝාතනයක් සඳහා රටේ ඉහල ස්ථානයකින් පාතාල නායකයෙකුට කොන්ත්‍රාත්තුවක් දී ඇතැයි අති රහස්‍ය වාර්තාවක් උපුටා දක්වන 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' පවසයි.

මෙම අති රහස්‍ය වාර්තාව රාජ්‍ය බුද්ධි සේවය (එස්අයිඑස්) විසින් සකසන ලද්දකි.

කොන්ත්‍රාත්තුව ලත් ආමර් වීදියේ නීලන් හෙවත් චක්කු හෙවත් හබරලයා නමැති පාතාල නායකයා තම ඉලක්කය වූ දේශපාලන ඝාතනය සඳහා මේ දිනවල සැලසුම් සකස් කරමින් ඔත්තු එකතු කරමින් සිටින බව එම වාර්තාවේ සඳහන් වේ.

ඉහත කී ආමර් වීදියේ නීලන් නම් පාතාල නායකයා, තෙල්බාලා නමැති පාතාල නායකයාගේ ගුවන් හමුදාවේ සේවයෙන් ඉවත්ව සිටින මස්සිනා කෙනෙකුගේ ගෝලයෙකි. ඔහුට මිනීමැරුම් තුනක් ගැන චෝදනා එල්ල වී ඇති අයෙකි. 2005 දී ගිනි අවියක් සමග මොහු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගත් නමුදු දේශපාලන බල පුළුවන්කාර කම මත නිදහස් වී තිබේ.

ඝාතනයට ඉලක්ක වී ඇති දේශපාලනඥයා නුදුරු අනාගතයේදී පාලක රෙජීමයට මහත් හිසරදයක් වන බවට තක්සේරු කර ඇති ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙකි. මෙම ඝාතනයට රජයේ නිල ඝාතන කණ්ඩායම් හවුල් කර නොගැනීමට තීරණය කර ඇත්තේ ඉලක්කය තීරණාත්මක බැවින් යම් හෙයකින් කිසියම් දුර්වල තැනකින් හෙළිදරව් වුවද එය පාතාලයේ ක්‍රියාවක් ලෙස ලෝකයාට ඉදිරිපත් කළ හැකි නිසා ය.

ලංකාවේ මිනීමරු රෙජීමය තම ඝාතන සැලසුම් කරන්නේ කිසිවෙකු හෝ සැක නොසිතෙන අවස්ථා වලදී වන අතර මෙම දේශපාලන ඝාතනය ද සැලසුම් කර ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ලඟ තිබියදී ය. ඕනෑම අයෙක් සිතන්නේ මෙවැනි රාජ්‍ය නායක සමුළුවක් කටේ තබාගෙන දේශපාලන ඝාතනයක් රෙජීමය විසින් කරයිද යන්නයි. එම සැක නොසිතන අවස්ථාවම තම මිනීමරු ඉලක්කය සපුරා ගැනීම සඳහා මිනීමරු රෙජීමය විසින් පාවිච්චි කිරීමට යන බව 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' වැඩිදුරටත් පවසයි.
උපුටා ගැනිම------ ලංකා ඊ නිවුස් 
 · 

No comments:

Post a Comment