Tuesday 22 October 2013

ආණඩුව භීෂණයකට අර අදිනවද?පාතාල වෙඩික්කරු 'තුඩැල්ලේ ගාමිණී' නිදහස්


රෙජීමය ඉන්දියාවේ හිරේ සිටින පාතාල වෙඩික්කරුවෙකු ලක්ෂ 25 ක් ගෙවා කුලියට ගැනීමට යයි-------

(ලංකා ඊ නිව්ස් -2013.ඔක්.22, ප.ව.11.40) පාලක රාජපක්ෂ රෙජීමයට පාතාලයෙන් දක්ෂ වෙඩික්කරුවෙකු කුලියට අවශ්‍ය වී ඇති අතර ඒ සඳහා දැනට ඉන්දියාවේ හිරගෙදරක සිටින ශ්‍රී ලංකාවේ පාතාලයෙකු කෙසේ හෝ නිදහස් කර ගැනීමට යන බව 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' පවසයි.

මෙසේ නිදහස් කර ගැනීමට යන්නේ 'තුඩැල්ලේ ගාමිණී' හෙවත් චූටි ගාමිණී නමැති පාතාල වෙඩික්කරුවා ය. මොහු පොලිස් පරීක‍ෂක ඩග්ලස් නිමල් සහ ඔහුගේ බිරිඳව හෝමාගමදී වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු ඉන්දියාවට පැන ගියේ ය. එම ඝාතනය සිදුකර ඇත්තේ කිඹුලා ඇලේ ගුණා නම් පාතාල නායකයාගේ වුවමනාවට ය. ඔවුන් දෙදෙනාම ඉන්පසුව ඉන්දියාවට පැන ගිය අතර මේ වන විට එහි දී සිදුකරන ලද කිසියම් වරදක් නිසා ඉන්දියානු බන්ධනාගාරයක සිටී.

තුඩැල්ලේ ගාමිණී නමැති පාතාල වෙඩික්කරුවාට හමුදා සෙබලෙකුටත් වඩා හොඳින් ටී-56 ගිනි අවියෙන් සහ පිස්තෝලයෙන් වෙඩි තැබිය හැකි බව පාතාලයේත් ආරක්ෂක අංශ වලත් පොදු මතයයි. ඔහු කුලියට මිනීමරන්නෙක් වන අතර ඔහු විසින් ඝාතනය කර ඇති සංඛ්‍යාව 50 කට අධික බව ආරක්ෂක බුද්ධි අංශ පවසයි.

කෙසේ හෝ මොහු නිදහස් කරගෙන එන ලෙස ලක්ෂ 25ක මුදලක් සමග කොන්ත්‍රාත්තුව බාර දී ඇත්තේ වත්තල ඇතුළු ගම්පහ දිස්ති්‍රත්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හා ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් තුෂාර පෙරේරාට ය. මොහු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර හොර බෝට්ටු ගමනා ගමනය ගැන ප්‍රවීනයෙකි. එජාපයෙන් ශ්‍රීලනිපයට පැන්න පුද්ගලයෙකි. 

තුෂාර පෙරේරා යනු ආණමඩුව සංගට්ටිකුලම ප්‍රදේශයේ විසූ කෝටිපති ව්‍යාපාරිකයකු වූ ස්ටැනිස් ප්‍රනාන්දු (ස්ටැන්ලි) නමැත්තාගේ ඝාතනයට චෝදනා ලබා බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයෙකි. එවැනි පුද්ගලයෙක් දැන් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කෙනෙකි.

රාජපක්ෂ රෙජීමය කිසියම් දේශපාලන ඝාතනයකට සූදානම් වන බව ලංකා ඊ නිව්ස් ඊයේ හෙලි කර සිටියේ ය. 

(කියවන්න -"අනතුරු ඇඟවීමයි..! දේශපාලන ඝාතනයකට රෙජීමයේ ඉහල තැනකින් පාතාල නායකයෙකුට කොන්ත්‍රාත්තුවක්")
 පාලක රාජපක්ෂ රෙජීමයට පාතාලයෙන් දක්ෂ වෙඩික්කරුවෙකු කුලියට අවශ්‍ය වී ඇති අතර ඒ සඳහා දැනට ඉන්දියාවේ හිරගෙදරක සිටින ශ්‍රී ලංකාවේ පාතාලයෙකු කෙසේ හෝ නිදහස් කර ගැනීමට යන බව 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' පවසයි.

මෙසේ නිදහස් කර ගැනීමට යන්නේ 'තුඩැල්ලේ ගාමිණී' හෙවත් චූටි ගාමිණී නමැති පාතාල වෙඩික්කරුවා ය. මොහු පොලිස් පරීක‍ෂක ඩග්ලස් නිමල් සහ ඔහුගේ බිරිඳව හෝමාගමදී වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු ඉන්දියාවට පැන ගියේ ය. එම ඝාතනය සිදුකර ඇත්තේ කිඹුලා ඇලේ ගුණා නම් පාතාල නායකයාගේ වුවමනාවට ය. ඔවුන් දෙදෙනාම ඉන්පසුව ඉන්දියාවට පැන ගිය අතර මේ වන විට එහි දී සිදුකරන ලද කිසියම් වරදක් නිසා ඉන්දියානු බන්ධනාගාරයක සිටී.

තුඩැල්ලේ ගාමිණී නමැති පාතාල වෙඩික්කරුවාට හමුදා සෙබලෙකුටත් වඩා හොඳින් ටී-56 ගිනි අවියෙන් සහ පිස්තෝලයෙන් වෙඩි තැබිය හැකි බව පාතාලයේත් ආරක්ෂක අංශ වලත් පොදු මතයයි. ඔහු කුලියට මිනීමරන්නෙක් වන අතර ඔහු විසින් ඝාතනය කර ඇති සංඛ්‍යාව 50 කට අධික බව ආරක්ෂක බුද්ධි අංශ පවසයි.

කෙසේ හෝ මොහු නිදහස් කරගෙන එන ලෙස ලක්ෂ 25ක මුදලක් සමග කොන්ත්‍රාත්තුව බාර දී ඇත්තේ වත්තල ඇතුළු ගම්පහ දිස්ති්‍රත්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හා ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් තුෂාර පෙරේරාට ය. මොහු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර හොර බෝට්ටු ගමනා ගමනය ගැන ප්‍රවීනයෙකි. එජාපයෙන් ශ්‍රීලනිපයට පැන්න පුද්ගලයෙකි.

තුෂාර පෙරේරා යනු ආණමඩුව සංගට්ටිකුලම ප්‍රදේශයේ විසූ කෝටිපති ව්‍යාපාරිකයකු වූ ස්ටැනිස් ප්‍රනාන්දු (ස්ටැන්ලි) නමැත්තාගේ ඝාතනයට චෝදනා ලබා බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයෙකි. එවැනි පුද්ගලයෙක් දැන් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කෙනෙකි.

රාජපක්ෂ රෙජීමය කිසියම් දේශපාලන ඝාතනයකට සූදානම් වන බව ලංකා ඊ නිව්ස් ඊයේ හෙලි කර සිටියේ ය.

(කියවන්න -"අනතුරු ඇඟවීමයි..! දේශපාලන ඝාතනයකට රෙජීමයේ ඉහල තැනකින් පාතාල නායකයෙකුට කොන්ත්‍රාත්තුවක්"))
උපුටා ගැනිම ----ලංකා ඊ නිවුස් 

No comments:

Post a Comment