Thursday 10 October 2013

තවත් ඇමැතිවරු 4ක් උතුරට පත්වෙයි.




  උතුරේ ඇමතිවරු සිව්දෙනෙක් පත්වෙති
ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් බලය අත්පත් කරගත් උතුරු පළාත්
සභාවේ අමාත්‍ය මණ්ඩලය අද (10) පත්කර තිබේ.

ඒ අනුව පී.අයින්ගරනේෂන් මහතා, කෘෂිකර්ම,පශු සම්පත්,
ජලාපවාහන හා පරිසර අමාත්‍යවරයා වශයෙන්ද, ටී.කුරුකුලරාසා මහතා
අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන්ද, පී.සත්‍යලිංගම් මහතා,
සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන්ද, බී. දෙතිශ්වරම් මහතා ධීවර,
ප්‍රවාහන හා ග්‍රාම සංවර්ධන අමාත්‍යවරයා වශයෙන්ද පත් කර තිබේ.

උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන්
තේරී පත්වූ සී.වී විග්නේශ්වරන් මහතාගේ දිවුරුම්දීම
සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් උදාවී තිබුණද
පසුගිය 07 වන දින හෙතෙම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා
ඉදිරියේ දිවුරුම් දෙන ලදී. 

No comments:

Post a Comment