Sunday 20 October 2013

තාත්තාගෙන් පලිගන්න දුව දුෂණය කලා


rapeteeපියාගෙන් පලි ගැනීමේ අරමුණ ඇතිව බාලවයස්කාර පෙම්වතිය රවටා දූෂණය කරන ලදැයි යටවත්ත පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගත් හමුදාවෙන් පැන ආ සෙබලෙකු ලබන 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතලේ දිසා විනිසුරු උපුල් රාජකරුණා මහතා නියෝග කළේය . යටවත්ත උඩස්ගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනා ගෙන ඇති සැකකරු එක්දරු පියෙකු බවටද තොරතුතරු අනාවරණයවී තිබේ.
දූෂණයවූ බවට සැලකෙන 14 හැවිරිදි දැරිය සමග ප්‍රේම සබදතාවක් ගොඩ නගා ගෙන සිටි සැකකරු දැරියට ජංගම දුරකතනයක් ලබාදී තිබූ බවත් එම ජංගම දුරකතනය දැරියගේ පියා විසින් පාගා කඩා දැමීම ගැන උරණව දැරිය කුරුණෑගල ප්‍රදේශයේ ලැගුම්හලකට ගෙන ගොස් දූෂණයකර ඇති බවත් මුලික පොලිස් පරීක්ෂණයේදී අනාවරණයවී ඇති බව අධිකරණයට වාර්තාකර තිබේ. 

No comments:

Post a Comment