Wednesday 23 October 2013

එක්සත් භික්ෂු බල මණ්ඩලයට,පාක්ෂිකයකුගෙන් අභියෝගයක්.


අපගේ dinanadakuna@gmail.com ඊ මේල් ලිපිනයට ලෙබි තිබී ලිපියක පහත දෙක්වේ,එය අප සම්පුර්ණයෙන්ම පල කිරීමට අදහස් කළෙමු.මෙහි ප්‍රධාන මාතෘකාව වී තිබෙනුයේ වාර්තමාන එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය සම්බන්ද වේ.එහිදී ශ්‍රී ලංකාවේ විශාලතම තනි පක්ෂය සහ පැරණිතම දේශපාලන පක‍ෂය වන එක්සත් ජාතික පක‍ෂය වෙත ප්‍රතිසංස්කරණ තීරණ ලබාදීමට තරම් බලවත් වු එක්සත් භික්ෂු බල මණ්ඩලය නම් සංවිධානයේ විස්තර දැනගැනීමේ අයිතියක් එක්සත් ජාතික පාක‍ෂිකයින්ට ඇතැයිද, එහෙයින් පහත සඳහන් ප්‍රශ්නවලට පිලිතුරු වදාරන මෙන්ද ඉල්ලා එක්සත් ජාතික පාක්ෂිකයෙකු විසින් එම සංවිධානයේ ගිරාඹේ ආනන්ද හිමියන් වෙත ලිපියක් යවා තිබේ. ඔහුගේ එම ඉල්ලීම ඉතා වැදගත් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි මහජනතාවගේද ඉල්ලීමක් විය යුතු බැවින් අප එය සම්පූර්ණයෙන් පළ කරන්නෙමු.


2013.10.21
අතිපුජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනායක හිමි
ශ්‍රී සාරානන්ද මහ පිරිවෙණ
අනුරාධපුරය.

එක්සත් භික්ෂු බල මණ්ඩලයේ ගරුතර නායක ස්වාමීන් වහන්සේලා වෙත ගෞරවයෙන් යොමු කරනු ලබන්නේ : සෘජු පිළිතුරු වදාරනු මැනවි.

1. එක්සත් භික්ෂු බල මණ්ඩලය "එක්සත් ජාතික පක‍ෂයේ" ලේඛන ගත කරන ලද අනුබද්ධ සංවිධානයක් දැයි වදාරනු මැනවි.

2. එක්සත් භික්ෂු බල මණ්ඩල දිවයින පුරා ව්‍යාප්ත වූ අනුමණ්ඩල වලින් සමන්විත සංවිධානයක් දැයි වදාරනු මැනවි.

3. එක්සත් භික්ෂු බල මණ්ඩලයේ ගරු සභාපති ස්වාමීන් වහන්සේගේ නම වදාරනු මැනවි.

4. එක්සත් භික්ෂු බල මණ්ඩලයේ ගරු ලේකම් හිමියන්ගේ නම වදාරනු මැනවි.

5. එක්සත් භික්ෂු බල මණ්ඩලයේ ගරු භාණ්ඩාගාරික හිමියන්ගේ නම වදාරනු මැනවි.

6. එක්සත් භික්ෂු බල මණ්ඩලයේ ගරු අනුශාසක හිමිවරුන්ගේ නම් වදාරනු මැනවි.

7. ගිහි සම්බන්ධීකරණයක් පවතින්නේ නම් එම ගරු මහජන නියෝජිතයින්ගේ නම් වදාරනු මැනවි.

8. එක්සත් භික්ෂු බල මණ්ඩලයේ කාරක සංඝ සභාව ශ්‍රී ලංකාවේ දැනට පිළිගත් නිකායන්ගේ නියෝජිත හිමිවරුන්ගේ සමන්විත විය යුතු බව අපගේ විශ්වාසයයි. මන්ද යත් සංවිධානයේ නමින්ම එවැන්නක් හැෙඟන බැවිනි. එසේ එක්සත් භික්ෂු බලමණ්ඩලයේ කාරක සංඝ සභාව නියෝජනය කරනු ලබන පහත සඳහන් නිකායන්ගේ ගරු ස්වාමීන් වහන්සේලාගේ නම සහ උන්වහන්සේලා වැඩ වාසය කරන විහාරස්ථානයේ නම් සහ ලිපිනයන් වදාරනු මැනවි.

8.1 ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවය නියෝජනය කරනු ලබන ගරුතර ස්වාමීන් වහන්සේ
8.2 ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවය නියෝජනය කරනු ලබන ගරුතර ස්වාමීන් වහන්සේ
8.3 ශ්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ පාර්ශවය නියෝජනය කරනු ලබන ගරුතර ස්වාමීන් වහන්සේ
8.4 ශ්‍යාමෝපාලි මහා නිකායේ රෝහණ පාර්ශවය නියෝජනය කරනු ලබන ගරුතර ස්වාමීන් වහන්සේ
8.5 ශ්‍යාමෝපාලි මහා නිකායේ රන්ගිරි දඹුළු පාර්ශවය නියෝජනය කරනු ලබන ගරුතර ස්වාමීන් වහන්සේ
8.6 ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය නියෝජනය කරනු ලබන ගරුතර ස්වාමීන් වහන්සේ
8.7 ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය නියෝජනය කරනු ලබන ගරුතර ස්වාමීන් වහන්සේ
8.8 ශ්‍රී ලංකා උඩරට අමරපුර මහා නිකාය නියෝජනය කරනු ලබන ගරුතර ස්වාමීන් වහන්සේ
8.9 වෙනත් නිකායන් නියෝජනය කරනු ලබන ගරුතර ස්වාමීන් වහන්සේ

9. එක්සත් භික‍ෂු බල මණ්ඩලය අවසන්වරට සාංවස්තරික මහා සභාව පැවැත්වු දිනය හා ස්ථානයේ ලිපිනය ගෞරවයෙන් වදාරනු මැනවි.

10. එක්සත් භික්ෂු බල මණ්ඩලය අවසන් සාංවත්සරයට වැඩම කරනු ලැබු ගරුතර ස්වාමින් වහන්සේලා සංඛ්‍යාව වදාරනු මැනවි.

11. අවසන් සාංවත්සර සභාවේදී සම්මත වු යෝජනා සහ සම්මත නොව් සාකච්ඡාවට භාජනය වූ යෝජනා සංවත්සර සභා වාර්තාව තැලිතර පෙන්වා වදාරනු මැනවි.

එක්සත් භික‍ෂු බල මණ්ඩලය, එක්සත් ජාතික පක‍ෂයේ පවතින්නේ යැයි කියනු ලබන අර්බුදය විසදීමට ඉදිරිපත් වී ඇති බව "සිරස" නම් වු මාධ්‍ය සමාගම විසින්ද "මව්බිම" නැමති පුවත්පත් සමාගමේ ප්‍රචාරක මාධ්‍ය තුලින්ද වැඩි වැඩියෙන් ප්‍රචාරය කරනු දැකිමු. ශ්‍රී ලංකාවේ බොහෝ බලගතු සහ පැරණිතම දේශපාලන පක‍ෂය වන එක්සත් ජාතික පක‍ෂය වෙත ප්‍රතිසංස්කරණ තීරණ ලබාදීමට තරම් බලවත් වු මෙම සංවිධානයේ විස්තර දැනගැනීමේ අයිතියක් එක්සත් ජාතික පාක‍ෂිකයින්ට ඇත. එහෙයින් ඉහත සඳහන් ප්‍රශ්නවලට පිලිතුරු වදාරන මෙන් නිසි ගෞරවයෙන් යුතුව අයැද සිටිමු.

මෙයට,

ෙජ්. ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු
වත්තල

No comments:

Post a Comment