Monday 21 October 2013

යන්තම් ගුටි නොකා බේරුනා ---කොළඹ මහ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත‍්‍රී මහින්ද කහඳගමගේ



කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රී මහින්ද කහඳගමගේට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු පහරදීමට උත්සාහ දැරීමේ අවස්ථාවක් ඊයේ (21) වාර්තා වුණා. මහනගර සභාවේ මුදල් කාරක සභාව ඊයේ රැස්වී ඇති අතර එහිදී නගරාධිපතිවරයාට හිමි විය යුතු බලතල සම්බන්ධයෙන් අදහස් පළ වී තිබෙනවා. මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත‍්‍රී මහින්ද කහදගම පෙන්වා දී ඇත්තේ නගරාධිපතිවරයාගේ බලතල වැඩි කිරීමට පියවර ගත යුතු බවයි. කෙසේ වෙතත් එයට විරුද්ධත්වය පළ කළ සන්ධානයේම මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු වන අනුර සුජීව සහ සමන් අබේගුණවර්ධන තමන්ට පහරදීමට උත්සාහ කළ බවයි මහින්ද කහදගම මන්ත‍්‍රීවරයා සදහන් කළේය.

No comments:

Post a Comment