Monday 14 October 2013

ශ්‍රී ලංකා පිළේ ක්‍රිකට් ක්‍රීඩකයන් රට හැර යයි.

sri-lanka-cricket-141013

මෙම ක්‍රීඩයන් වෙනත් රටවල කණ්ඩායම් නියෝජනය කිරීම සදහා බලාපොරොත්තු වන බවත් මේ තත්වය සදහා බලපා තත්වයන් සාධාරණ වූ ඒවා බවට ඔවුන් විසින් කරුණු තහවුරු කර සිටී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දූෂිත තත්වයේ පැවැතීමත් ඔවුන් විසින් ක්‍රීඩකයින් සදහා ගෙවනු ලබන මුදල කිසිසේත්ම යැපීම සදහා හෝ ප්‍රමාණවත් නොවීම මේ තත්ත්වය සදහා හේතු වී ඇති බවද ඔවුන් විසින් කරුනු තහවුරු කර ඇත.ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් විශාල පිරිසක් කණ්ඩායම හැරයාමට බලාපොරොත්තුවෙන් සිටින බවට තොරතුරු වාර්තා වේ.

මෑත භාගයේ ක්‍රිකට් වරම් ලැබූ බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට ගෙවනු ලබවන මුදලින් 50%වත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට නොගෙන බව ඔවුන්ගේ චෝදනාවන් වේ. කෙසේ නමුත් මෙහි බරපතල තත්වය වන්නේ ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන කුමා සංගක්කාර, මහේල. තිලකරත්න ඩිල්ෂාන්, ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයින් මෙම පියවර ගැනීම සදහා කටයුතු කරමින් සිටින බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ පියවරයන් සදහා ඔවුන් සදහන් කරන අන්දම ක්‍රිකට් පාලනාධිකාරියේ දූෂිත තත්වයන් හේතු වන බවත් ක්‍රිකට් ආයතනයේ පහල සේවකයා පවා මුදල් හම්බ කරන තැන සිටින බවත් ඔවුන් විසින් ක්‍රීඩකයන්ට වඩා ඉහල වේතනය ලබන බවත්ය. අදාළ තත්වයන් සම්බන්ධයෙන් සියලු තොරතුරු ක්‍රීකඩයන් විසින් මාධ්‍ය හමු පවත්වා රටට හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවද ආරංචි මර්ග වැඩිදුරටත් තහවුරු සිටී.

No comments:

Post a Comment