සාමය, සබැඳියාවල නිදහස මේ සියල්ල ඇතුළත්ව තිබෙන්නේ අධ්‍යාපනය තුළ යැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා ප‍්‍රකාශ කරයි.
ඔහු මේ බව ප‍්‍රකාශ කර සිටියේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයට පත්වීම නිමිත්තෙන් සංවිධානය කළ දෙහිවල රත්මලාන පොදු ජන ආශිර්වාදය වැඩසටහනට එක් වෙමිනි.
දෙහිවල රත්මලාන විහාරස්ථානයන්හි විහාරාධිපති ස්වාමීන්වහන්සේලාල කතෝලිකල මුස්ලිම් හා හින්දු ආගමික ස්ථානයන්හි ප‍්‍රධානීන් මුල් කරගනිමින් දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත‍්‍රීවරුන්ල සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ ක‍්‍රියාකාරීන් විසින් මෙම වැඩසටහන සංවිධාන කර තිබුණි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා,
‘අධ්‍යාපනය හරහා පුද්ගලයින්, සමාජය පමණක් නොව රටක සමස්ත සංවර්ධනයම ගොඩ නැංවිය හැකියි. මෙරට අධ්‍යාපන ක‍්‍රමයේ යම් අඩුවක්ද මේ රට දීර්ඝ කාලීන යුද්ධයකට යෑමට හේතුවුණා යැයි මම විශ්වාස කරනවා. මොකද අධ්‍යාපනයේ ඉතා වැදගත් සංකල්පයක් තමයි එකට එක්වීමේ කුසලතාවය සංවර්ධනය කිරීම. සාමය, සංහිඳියාව, නිදහස මේ සියල්ල ඇතුලූ වෙලා තියෙන්නේ අධ්‍යාපනය තුළයි කියා මා විශ්වාස කරනවා. මගේ දැකීමේ හැටියට මම හිතන්නේ මේ රට හදන්න පුළුවන් අධ්‍යාපනය තුළින් පමණයි.
2004 දී ජාතික දේශපාලනයට ආපු මට ඇතැම් අවස්ථාවන්හි දී මගේ ආත්මය, ප‍්‍රතිපත්ති පාවාදී යම් තීරණ ගන්නට සිද්ධ වුනා. හැබැයි ඒ මගේ ආත්ම ලාභය වෙනුවෙන් නෙමෙයි. ඇතැම් අය මෙය නොයෙක් විදිහට දකින්න ඇති. ඒ වුණාට මගේ හදවත අවංකව දන්නවා මගේ සමහර තීරණ එසේ නොකලා නම් අධ්‍යාපනය ගොඩනගන්න මා තැබූ බලාපොරොත්තු යථාර්තයක් කරන්න බැරි වෙන බව.
හතළිස් ලක්ෂයක් රටේ දරුවන්ගේ අනාගත උන්නතිය වෙනුවෙන් වැඩ කරන්නට තිබුණු අධික වුවමනාව වෙනුවෙන් මම යම් යම් තීරණ ගත්තා. ඒත් මම එදත් අදත් කියනවා පක්ෂ, පාට, ජාති, ආගම් බේද වලට වඩා අපට වටින්නේ මේ රටේ අනාගතයයි මේ රටේ දරුවන් ය කියා.
පසුගිය කාලයේ අතිගරු ජනාධිපතිතුමන් මා වෙත අධ්‍යාපනය අමාත්‍යාංශයේත් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේත් අධීක්ෂණ මන්ත‍්‍රී ලෙස යම් වගකීමක් පැවරුවා.
එහි උපරිම ප‍්‍රයෝජනය තුළින් පුද්ගලයින්ට තනි තනිව සේවය කරනවා වෙනුවට සමස්ත අනාගත පරපුර වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්නට දායක වුණා.
අප රටට ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි. වරින්වර බලයට පත්වන රජයන්ල විවිධ ඇමතිවරු ඔවුනට ඕනා විදිහට රටේ අධ්‍යාපනය හසුරුවන්නටල වෙනස් කරන්නට ගියහම ඒක ලොකු ප‍්‍රශ්නයක්. අපට තිබෙන්නේ 1939 දී සුද්දන් විසින් අප මත පටවපු අධ්‍යාපන ආඥා පනතක්. එද මෙදා තුර පත් වුණ කිසිම ආණ්ඩුවකට අපේම අධ්‍යාපන පනතක් ගෙන එන්නට බැරි වුණා. වසර 20 – 30 දීර්ඝ කාලීන අනාගත දැක්මක් ඇති නව අධ්‍යාපන පනතක් තුළින් මේ රට ඉදිරියට ගෙන යන්නට අවශ්‍යයි.
2010 වසර වන විට අතිගරු ජනාධිපතිතුමා, ආචාර්ය ජී. බී. ගුණවර්ධන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මේ සඳහා කමිටුවක් පත් කර තිබුණා. මා ඒ කමිටුවත් හමුවී අදහස් යෝජනා ඉදිරිපත් කළා. එතැනින් නොනැවතුණ ජනාධිපතිතුමා අධ්‍යාපන පනතක් සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා මුල් කර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළා. විපක්ෂ මන්ත‍්‍රීවරයෙකු ලෙසත් මා එය නියෝජනය කරමින් අදහස් යෝජනා ලබා දුන්නා.
අපේ රටේ අධ්‍යාපනයේ දැවෙන ප‍්‍රශ්නයක් තමයි පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම. මෙයට ජාතික වශයෙන් විසඳුමක් ලබා දෙන්න නම් ආනන්ද නාලන්ද වැනි පාසල් 500ක් වත් රටපුරා විහිදෙන ලෙස ප‍්‍රතිනිර්මාණය කළ යුතුයි කියා වසර ගණනාවක සිට මා යෝජනා කළා. අතිගරු ජනාධිපතිතුමන් මහින්ද චින්තන ඉදිරි දැක්මට සමගාමීව අද ද්විතීයීක පාසල් 1000ක් ප‍්‍රතිනිර්මාණය කරන්නට සැළසුම් කර තිබෙනවා.
මම ඉංජිනේරුවරයෙකු ලෙස ලැබූ අත්දැකීම් උපයෝගී කරගෙන මේ පාසල් දහස තුළ ඉදිකෙරෙන මිලියන දාහතරකට ඇස්තමේන්තු කළ තාක්ෂණික විද්‍යාගාරයක් මිලියන හයකට නිම කර පෙන්වා දී මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න උපරිම ශක්තිය යොදවා තිබෙනවා.
වසරකට තුන් ලක්ෂ හතලිස් දෙදාහක් පමණ පාසල් අධ්‍යයන පද්ධතියට ඇතුළත් වූවත් විශ්ව විද්‍යාලයට ඇතුළත් වන්නේ විසි දෙදෙහසක් පමණයි නම් ඉතිරි තුන් ලක්ෂ විසිදහසේ බලාපොරොත්තු සුන් වෙනවා නම් අධ්‍යාපනයේ අරමුණු ඉලක්ක හා අධ්‍යාපනය කා සඳහාද කියා අර්බූදයක් නිර්මාණය වෙලා තිබුණා. රැකියා වෙළඳපළේ විවිධ වෘත්තීන් හාරසීයකට අධික ප‍්‍රමාණයක් තිබුණත් ඒ සඳහා පුහුණු ශ‍්‍රමික හිඟයක් තිබෙනවා. ඒකට මඟපෙන්වීමක් හා අවබෝධයක් නොමැතිව ලක්ෂ ගණනක් තරුණ දු පුතුන් අතරමංව සිටිනවා. මේ අපේක්ෂා භංගත්වය අයින් කරන්න එක ක‍්‍රමයයි තිබුණේ. වෘත්තීය හා රැකියා ආකල්ප නිපුණතාවය මෙන්ම රටේ තිබෙන රැකියා පිළිබඳ අවබෝධය පාසල් පද්ධතිය තුළට ගෙන එන්නට පාසල් පාදක වෘත්තීය අධ්‍යාපනයක් අවශ්‍ය යැයි මා යෝජනා කළා. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේත් දායකත්වයෙන් අදවන විට උසස් පෙළ සඳහා තාක්ෂණික විෂයය ධාරාව එක් කරන කටයුත්තට ක‍්‍රියාශීලීව දායක වන්නට මට හැකි වුණා.
විශ්ව විද්‍යාලයට ඇතුළත්වන්නට නොහැකිව පාසල් පද්ධතියෙන් ඉවත්ව අපේක්ෂා භංගත්වයට පත්වන ලක්ෂ ගණනක් දු දරුවන් වෙනුවෙන් ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව තුළ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය හරහා උපාධියක් දක්වා ගමන් කොට වෘත්තීය ගෞරුත්වය රැකෙන රැකියාවකට පත්වන්නට මාවත මේ වන විට රජය විසින් ක‍්‍රියාත්මක කර තිබෙනවා.
ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ ගැටළුවට විසඳුමක් ලෙස අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර විභාගයේ දී දරුවන්ට ඉංග‍්‍රීසි විෂයය කථනය හා ඇහුම්කන් දීම සඳහා ලකුණු ලබා දීමේ ක‍්‍රමවේදයක් ඉදිරියේ දී ක‍්‍රියාත්මක වෙනවා. මෙයත් රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපනයේ නව ප‍්‍රවේශයක්.
ඒ වගේම දරුවන්ටල දෙමව්පියන්ටල වැඩිහිටියන්ට යන සමස්ත ප‍්‍රජාවට දැනුම ලබා දිය හැකි අධ්‍යාපනය සඳහා වෙන්වූ රාජ්‍ය රූපවාහිනී නාලිකාවක අවශ්‍යතාව මා දිගින් දිගටම වසර ගණනාවක් යෝජනා කළා. එයත් ජයග‍්‍රහණය කරවීමට හැකිය යන අධිෂ්ඨානය මා සතුව තිබෙනවා.
ඒ නිසා නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යධූරය ආභරණයක් කරගෙන වැජඹෙනවාට වඩා මේ රටේ දරු පරපුර වෙනුවෙන් අවුරුදු තිස්පහකට අධික කාලයක් මා අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ ලැබූ අවබෝධය දැනුම, ගවේෂණයන්හි ප‍්‍රතිඵල ජාතික මට්ටමින් දරුවන් වෙනුවෙන් ජයග‍්‍රහණය කරවීමට කැපකරන්නට දැඩි අධිෂ්ඨානයක් තිබෙනවා. මා දේශපාලනය තුළට පැමිණීමේ අවසන් ජයග‍්‍රාහී ප‍්‍රතිඵලය හිමි වන්නට අවශ්‍ය මේ රටේ දෙමාපියන්ගේ අහිංසක දරුවන්ටයි’
No comments:
Post a Comment