Thursday 24 October 2013

ඇමති එස්.බී. දිසානායකගේ මල්ලි මිනිමරුවෙක්ද ...?


SB saliya 410px 24-10-13ඇමති එස්.බී. දිසානායක මහතාගේ සොහොයුරු සාලිය දිසානායක මහතා හඟුරන්කෙත සී.සී. විද්‍යාලයට පිහියක් අතැතිව ඇතුලූ වී  ආවේගශීලීව හැසිරිම හේතුවෙන් එම විද්‍යාලයේ සිසු දරු දැරියන් මෙන්ම ආචාර්ය මණ්ඩලයද දැඩි  භීතියට පත්වූ බව වාර්ථා වේ.
සාලිය දිසානායක මහතා මධ්‍යම පළාත් සභාවේ හිටපු සභාපති සහ හඟුරන්කෙත ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධානයක ද වේ.

පිහියක් අතැතිව පෙරවරු 9.30ට පමණ විදුහලට ඇතුලූ වි ඇති දිසානායක මහතා, එම විදුහලේ ගුරුවරියක ලෙස සේවය කරන ඔහුගේ බිරිද ඝාතනය කිරිම සදහා සොයා ඇති අතර, ආචාර්ය මණ්ඩලය මැදිහත්වි ඇය ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාම හේතුවෙන් සිදුවන්නට ගිය අපරාධයක් මගහැරී ගොස් ඇත.

හඟුරන්කෙත පොලිසිය පෙරවරු 10.00ට පමණ ජීප් රථයකින් පැමිණ විදුහල් භුමියේ සැරිසරා පිටව ගොස් ඇති බවද, පසුව දිසානායක මහතාගේ බිරිද දහවල් 12.00ට පමණ කෙටි නිවාඩුවක් ලබාගෙන පාසලෙන් පිටවගොස් ඇති බවද වාර්තාවේ.

පාසල් නිමවන අවස්ථාවේදීද සාලිය දිසානායක මහතා නැවතත් පිහියක් අතැතිව විදුහල් භූමිය අවට සැරිසරමින් ඔහුගේ බිරිද සොයා ඇති බවද විදුහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ, එවැනි ස්ද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

No comments:

Post a Comment