Wednesday 23 October 2013

ෆෝන් එකට සිග්නල් ඇති පාසලක් ලබා දෙන්න මහා ඇමැතිතුමනි ---ලාබල ගුරු මෙනවියක්

තම ජංගම දුරකතනයට සිග්නල් ඇති පාසලකට මාරුවීමක් ඉල්ලා තරුණ ගුරුවරියක ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතාට ලියුමක් ඉදිරිපත් කළාය. ඒ මහජන දිනයේදීය.
එදින බොහෝ පිරිසක් උදෑසන සිට පැමිණ අංක රැගෙන තම වාරය එනතෙක් බලා සිටිති.
මිණිපුරයට සම්බන්ධයක් ඇති තරුණ ගුරුවරියක් පැය කීපයක් පෝලිමේ සිටියාය. වාරය පැමිණි පසු තම කාරණය කටින්ද කීවාය. තමා අවිවාහක බවද වසර ගණනාවක පටන් පෙම්වතකු සිටින බවද කීවාය. තමන්ට මුල්ම පත්වීම ලැබුණේ ඉතා දුෂ්කර පෙදෙසෙකට බවද කීවාය.
මෙම පාසල පිහිටි පැත්තේ දුරකතන කුලූනු නැත. එහෙයින් ජංගම දුරකතනය වැඩක්ද නැත. මේ නිසා තමන් දැඩි පීඩාවකට පත්ව ඇති බවත් තම පෙම්වතාට නිතර කතා කිරීමට අවශ්‍ය බැවින් ජංගම දුරකතනවලට සිග්නල් ඇති අවට පාසලකට තම මාරුව හදාදෙන ලෙසත් ඇය බැගෑපත් වූවාය.
මෙම ඉල්ලීමට සවන් දුන් මහ ඇමැති මවිත විය.
ඔහු ඒ ගුරුවරියට හොඳ පාඩමක් කියා දුන්නේය. රැකියාවක් දී ඇත්තේ දරුවන්ට ඉගැන්වීම පිණිසයි. පැය 5 ක් වැනි කෙටි කාලයක් තමන් දිනකට පාසලේ ඉගැන්විය යුතු බව කීවේය. මෙම පාසල ඇති ප‍්‍රදේශයට ජංගම දුරකතන සිග්නල් නොමැතිවීම පාසලේ දරුවන් ගේ වාසනාවක් බව ඔහු කීවේය.
පාසල් කාලය තුළ අධ්‍යාපන කටයුතුවලට හිත යොමුකර දරුවන්ට උගැන්වීම තම යුතුකම හෙයින් තමන් ගුරු පත්වීම ගන්නා විට අස්සන් කළේ එක දිගට වසර 5ක් පාසලේ සේවය කිරීමට බව අමතක නොකරන ලෙසත් පාසල් කාලයේ තම පෙම්වතුන්ට කතා කිරීමට යොමුවීම සුදුසු නොවන බැවින් රැකියාව හරියට කරන්නට බැරිනම් එම අවස්ථාව තවත් අයකුට දෙන ලෙසත් මහ ඇමැති කීවේය. එවිට හිතේ හැටියට පෙම් කළ හැකි බවද ඇයට සිහිපත් කැර දුන්නේය.
මෙම සිදුවීම බලා සිටි කීප දෙනකු පැවසුවේ අනේ උතුම් ගුරුකමට ගිය කලක් 

No comments:

Post a Comment