Thursday 10 October 2013

මුතුහෙට්ටිගේ නි.ඇමැතිකම ,ඇමතිකමක් වෙයිද?

විරුද්ධ පක්ෂයේ ගැටඵ නිරාකරණය කර ගැනීම සදහා වෙනම අමාත්‍යංශයක් පත් කරන්න යැයි මම ජනාධිපතිවරයාට පවසන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිෂාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. ඒ මහතා එම අදහස් ප‍්‍රකාශ කලේ පසුගිය 9 දා බද්දේගම ප‍්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.
 ඒ මහතා මෙසේ ද පැවසීය, අද අපේ ප‍්‍රධාන විපක්ෂයේ , එකම පක්ෂයේ අය මහ මග ගහ ගන්නවා. එක කට්ටියක් පැරදුනාම ඇති කියලා පා ගමන යන කොට තවත් කට්ටියක් පැරදුනාම මදි කියලා ඒ කට පහර දෙනවා.

 එහෙම ගහගෙන අද කට්ටියක් හිර ගෙදර අනිත් අය රෝහලේ. මේ එක්සත් ජාතික පක්ෂයේ තියන ගැටඵ නිරාකරණය කරන්න නම් එක්කෝ කොමිසමක් එක්කෝ අමාත්‍යංශයක් පත් කල යුතුයි. මේක ඉක්මණින්ම නොකෙරුනොත් අපිට විපක්ෂයක් නැති වෙනවා යැයි ද ඒ මහතා පැවසීය.

No comments:

Post a Comment