Tuesday 22 October 2013

මේ වසරේ ආරක්ෂක හා නිතිය ,සාමය අමාත්‍යංශ වලට වෙන්වූ අය වැය කෝටි 1634 කින් වැඩි වේ



ගියවර අයවැයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කල මුදල රුපියල් කෝටි 28950 යි.

මෙවර විසර්ජන පනත් කෙටුම්පතින් එම අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 25390 යි.

ඒ කියන්නේ අපි ගියපාරට වඩා රුපියල් කෝටි 3560 ක් ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කරපු මුදලින් අඩුකරලා තියෙනවා. ආණ්ඩුවෙ ඇමතිලා කියන්නේ එහෙමයි.

නමුත් අමතක කරන්න එපා. අලූතින් පිහිටවපු නීතිය හා සාමය අමාත්‍යාංශයට ඒ කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබුණු පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් ස්ථාපිත කල අමාත්‍යාංශයට රුපියල් කෝටි 5234 ක් මෙවර විසර්ජන පනත් කෙටුම්පතින් වෙන්කරලා.
එහෙම බලනකොට ගියපාර ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කරපු මුදලට අනුව බැලූවාම රුපියල් කෝටි 1634 ක් වෙන්කරලා.

මේ සේරම සෙල්ලම් අවසානයේ මොවුන් කියන්නේ කෝ ඔයාලා කියන දේ ජනතාව පිළිඅරන් තියෙනවාද? මධ්‍යම බලන්න, වයඹ බලන්න,

No comments:

Post a Comment