Tuesday 15 October 2013

උතුරේ දැගලුවොත් හිස කඩෙන් වෙන් කරනවා --යුද හමුදාපති


ඡන්ද දිනුවා කියා රට බෙදන්න ආවොත් කඳෙන් හිස වෙන්වෙයි – හමුදාපති [Audio]උතුරේ පලාත් සභා ඡන්ද ප්‍රතිඵලයෙන් කුල්මත් වී බෙදුම්වාදය ට යමෙක් ඉදිරිපත් වේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක ප්‍රකාශ කර සිටියේය.
උතුරේ සංචාරයක නිරත හමුදාපතිවරයා මේ බව කියා සිටියේ වව්නියාවේ දී හමුදා සෙබළුන් අමතමිනි.
මේ දින වල ඡන්ද ප්‍රතිඵලයෙන් කුල්මත් වූ කණ්ඩායමක් ඒ අයට අවශ්‍ය වෙනම රාජ්‍යයක් ලැබුණු බව සිතා අනුවණ ආකාරයෙන් කටයුතු කිරීමට සැර සෙමින් හමුදාව පෙලඹවීමට එන්නේ නම් ඔවුන්ට දැඩි දඬුවම් දීමට සිදු වනු ඇති බව ද හමුදාපතිවරයා කියා සිටියේය.
ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිටිනා තුරු සතුටින් සිටිය හැකි බව ද ප්‍රකාශ කළ හමුදාපති දයා රත්නායක, ‘රට බෙදන්න ගියොත් රට නො වෙයි බෙදෙන්නේ ඒ අයගේ ඔලුව කඳ වෙන් වෙන්න පුළුවන්’ යනුවෙන් ද අනතුරු ඇඟවීමක් කළේය.
විනය විරෝධී වැඩ කරන හමුදා සෙබළුන්ට එරෙහිව තරාතිරම නො තකා දැඩි පියවර ගන්නා බව හමුදාපතිවරයා මෙහි දී කියා සිටියේ රතුපස්වල සිදු වූ හමුදා ප්‍රහාරය ද සිහිපත් කරමිනි.

No comments:

Post a Comment