Monday 21 October 2013

අධිකරණය නොමග යෙවුවේ නගරාධිපතිද...?ජනාධිපති කාර්යාලයද....?



ජනාධිපති සම්බන්ධීකාරක ලෙස තමාට ලැබුණු පත්වීම කිසිම ලෙසකින් ඉවත් කොට නැති බව හිටපු ගාලු නගරාධිපති මෙත්සිරි සිල්වා පවසයි.
‘‘ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙනුත් මම ඇහුවා මගේ තනතුර ඉවත් කරලද කියලා. එහෙම එකක් නැහැ කියලා ඔහු කිව්වා. මට පසුගිය මාසයටත් ජනාධිපති සම්බන්ධීකාරකට අදාල වැටුප චෙක් පතකින් ලැබුණා යැයි මෙත්සිරි සිල්වා මහතා  කීවේය.
ජනාධිපති සම්බන්ධීකාරක තනතුරෙන් තමා ඉවත් කළ බව ශ්‍රී ලංකා නිවුස් වෙබ් අඩවියේ පළවු ලිපියක් ගාල්ලේ තැන තැන අලවා තිබු බව හෙතම පැවැසීය. ගාලු නගර සභාවේ අලවා තිබු ඉන් එක් වාර්තාවක් තමා ගලවාගෙන ආ බවද ඔහු කීවේය.
ගාලු දිස්ත්‍රික් උසාවියේ විභාගවන නඩුවකට මෙත්සිරි සිල්වා මහතා ජනාධිපති සම්බන්ධීකාරකවරයකු ලෙස ලිපි ශීර්ෂ යටතේ තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩු පක්ෂයේ අවධානය යොමු වී ඇති අතර, අදාල කරුණ සම්බන්ධයෙන් මේ වනවිටත් සොයා බලමින් තිබෙන බවට තොරතුරු ඇත.

No comments:

Post a Comment