Friday, 19 July 2013

තලේබාන් සභාව මලාලා වෙත මරණ තර්ජන කර තිබේ.

මලාලා යුසුෆ්සායි පාකිස්ථානයට පැමිණි වහාම වෙඩිතබා මරා දමන බවට ටෙරාක් ඊ ටාලිබාන් නැමති සංවිධානයක් අනතුරු අගවයි.මෙම සිසුවිය මරා දැමීම පිළිබඳ තම සංවිධානයට කිසිදු කණගාටුවක් නැති බව එම සංවිධානයේ ප්‍රකාශකයෙක් සදහන් කර තිබේ.
අගෙන් කාන්තාවන්ට අධ්‍යාපන අයිතින් ඉල්ලා සිටිමේ චෝදනාව මත 16 හැවිරිදි මලාලා යුසුෆ්සායි පසුගිය වසරේ වෙඩි ප්‍රහාරයකට ලක්වු අතර එහිදී බරපතල ලෙස තුවාල ලත් ඇය මේ වන විට එංගලන්තයේ රෝහලකින් ප්‍රතිකාර ලබා එංගලන්තයේ ජීවත් වෙයි.
පසුව ඇය පසුගියදා එකසත් ජාතීන්ගේ සමුළුව හමුවේද ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය අධ්‍යාපන අයිතීන් පැහැරගනිමින් සිටින බව ප්‍රකාශ කළ අතර මේ හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධාන ඇය සමග පැවති වෛරය තවත් දැඩි වී ඇති බව විදෙස් වාර්තා කියයි.
මේ වනවිට ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සභාව මලාලා වෙත මරණ තර්ජනය කරමින් අනතුරු ඇගවීමේ ලිපියක් යොමු කිරීමට සැලසුම් කර අති බවද විදෙස් වාර්තාවල දැක්වෙයි.

No comments:

Post a Comment