Monday, 22 July 2013

හොඳ ඇමැතිකම් අපිට නෑ ඇමැති නවීන් දිසානායක මහතා පවසයි.

ගාමිණී දිසානායක වැනි නායකයින්ට තිබුණා වගේ හොඳ ඇමැතිකම් අපිට නැති බව රාජ්‍ය කළමනාකරන ප්‍රතිසංස්කරණ ඇමැති නවීන් දිසානායක මහතා පවසයි.
කොත්ම‍ලේ කලපිටිය දීපාරාමයේ පැවැති බුදුපිළිම බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ගාමිණි දිසානායක නායකයානන් කන්ද උඩරටින් බිහි වූ නායකයෙක්. කන්ද උඩරටින් නායකයින් බිහි වෙනවාට බොහෝ දෙනෙක් අකැමැති බවයි.
"මගේ අප්පච්චිගේ ආසනයත් මේ කොත්ම‍ලේයි. කොත්මලෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ නායකයෙක් තමයි මගේ අප්පච්චි. එතුමාට මේ ආසනයට විශාල වැඩ කොටසක් කරන්න වුවමනාව තිබුණා නමුත් ඒ වැඩ කොටස ඉටුකරන්න කලින් ඒ ශ්‍රේෂ්ඨ නායකයා අප අතරින් උදුරාගත්තා.ගාමිණී දිසානායක වැනි නායකයින්ට තිබුණා වගේ හොඳ ඇමැතිකම් අපිට නැහැ. නමුත් මම ඒවා ගන්නවා. අපි හැමදාම ජනතාවට බලා‍පොරොත්තු දීලා ඇහේ කඳුළු ඇතිකරන්න කැමති නැහැ. ජනතාවගේ ප්‍රශ්න දිහා නොබලා පැනලා යන්නේ නැහැ."
"මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගිය එකම පරම චේතනාව වුණේ මේ කුරිරු යුද්ධය නිමාකරන්න ජනාධිපතිතුමාට සහය වෙන්න. දැන් යුද්ධය අවසන්. මේ නිසා අපට ඕන කරලා තියෙන්නේ ආර්ථික යුද්ධය ජයගන්න. සිංහල, දමිළ, මුස්ලිම් සියලුදෙනාම එකම ධජයක් යටතේ ඉන්න රටක් දකින්න. මේවන විට සිංහල බෞද්ධයන්ගේ ආර්ථිකය අන්තයටම පිරිහිලා. ඒ ආර්ථිකය නගා සිටුවන්න වැඩසටහනක් දියත් කළ යුතු වෙනවා.මේ දිනවලත් අපි විශාල කාර්යයකට සම්බන්ධ වෙලයි ඉන්නේ. දුටුගැමුණු රජතුමා හැදූ රුවන්වැලි මහා සෑ රදුන්ට වඩා."

No comments:

Post a Comment