Monday, 22 July 2013

අමරිකානු පොප් ගායිකාවක්‌ බෞද්ධ උත්සවයක්‌ මැද විවාහ වී ඇත.

ග්‍රැමි සම්මාන අටක්‌ දිනූ ප්‍රකට අමරිකානු පොප් ගායිකාවක්‌ වූ ටීනා ටර්නර් (Tina Turner)ස්‌විට්‌සර්ලන්තයේ සුරිච් විල අසබඩ පිහිටි සිය නිවසේදී බෞද්ධ උත්සවයක්‌ මැද අර්වින් බැච් (Erwin Bach)සමග විවාහ වී ඇත.
ජාත්‍යන්තර මාධ්‍ය මේ බෞද්ධ උත්සවයක් බව වාර්තා කොට ඇත්තේ මෙහිදී අත පැන් වත් කිරීමේ චරිත්‍රය සිදු වීමත් ටීනා 70 දශකයේදී බුදුදහම වැළද ගැනීමත් නිසාය. ඇය බුදු දහම සම්බන්ධ කරගත් සංගීත ඇල්බමයක්ද නිකුත් කර තිබේ
මෙම මංගල උත්සවයට ආරාධනා ලැබී අත්තේ අමුත්තන් 120 කට පමණය.

tina-turner-23713.wed.2
ජර්මනියේ පදිංචි සංගීතඥයකුදවන අර්වින් බැච් තැටි නිෂ්පාදකයෙකි. ටීනා ටර්නර් සුරිච්හි පදිංචියට පැමිණියේ මෙයට වසරකට පෙරය.
2009 වසරේඩී ඇය සිය සංගීත දිවියට සමුදුන්නාය
මේ වන විට ටීනාගේ වයස අවුරුදු 73 ක් වන අතර නව සැමියාගේ වයස අවුරුදු 57 කි. ටීනාට සිය මුල් විවහයෙන් දරුවන් දෙදෙනකු සිටින අතර වැඩිමලාගේ වයස අවුරුදු 55ක් වන අතර බාලයාට අවුරුදු 52 කි.

No comments:

Post a Comment