
"හපා කාපු තුවාල තිබුණා. නියපොතුවලින් සීරුණු තුවාල තිබුණා. බෙල්ල හරියේ තද කළා වගේ සලකුණු තිබුණා. ලිංගේන්ද්‍රියේත් විස්තර කරන්න බැරි විදියේ තුවාල තිබුණා."
සමාජ
සේවිකා ඉන්දුමතී කරුණානිධි විසි හතර හැවිරිදි එම තරුණිය පසුගිය ජූලි විසි
හය වැනි දින සිය දිවි නසාගත් බව ඥාතීන්ට දැනුම් දී ඇති අතර ඇයගේ මලසිරුර
ඔවුන්ට ලැබී තිබෙන්නේ ඉන් සති පහකට පසුවයි.
මලසිරුරේ තුවාල
තරුණියගේ සිරුරේ තුවාල තිබූ බව මෘත දේහය විවෘත කළ අවස්ථාවේ දක්නට ලැබුණු බවයි, ගමේ සමාජ සේවිකාවක වන ඉන්දුමතී කරුණානිධි පවසන්නේ."හපා කාපු තුවාල තිබුණා. නියපොතුවලින් සීරුණු තුවාල තිබුණා. බෙල්ල හරියේ තද කළා වගේ සලකුණු තිබුණා," යනුවෙන් ඇය එම තුවාල සංදේශයට විස්තර කළේය.
"ලිංගේන්ද්‍රියේත් විස්තර කරන්න බැරි විදියේ තුවාල තිබුණා."
තරුණියගේ මරණය සැක සහිත බව ඥාතීන් පවසන්නේ නම්, අදාළ පරීක්ෂණ සඳහා පහසුකම් සැපයීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.
No comments:
Post a Comment