Tuesday 13 August 2013

”යුද්ධය ඉවරවෙලා අවුරුදු 4ක් ගත වෙලත් තාමත් අපි අවතැන්”


8695481318_c9ef498a18_z[වලිකාමම් ජනතාව විසින් ඔවුන්ගේ ඉඩම් ඉල්ලා යාපනයේ සිදුකරන ලද විරෝධතාවයක් | 
වලිකාමම් උතුර කියන්නේ ග්‍රාම නිළධාරි කොට්ටාශ 45කින් යුත් ප්‍රදේශයක්. ඒවායෙන් 24ක් තවම ඇත්තේ අධි ආරක්ෂක කලාප යටතේ. ඒවා තාම නිදහස් කරලා නැ. මේ වලිකාමම් ප්‍රදේශයේ පවුල් 9997කින් යුත් 30000කට වැඩි ජනතාවක් ජීවත් වෙනවා. ඒ පිරිස තමන් නැවත පදිංචි කරන්න කියලා වලිකාකමම් උතුරැ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් දැනුවත් කරලා තියනවා. නමුත් යුද්ධය ඉවරවෙලා අවුරුදු 4කට වඩා ගතවෙලත්, තාම ඔවුන් නැවත පදිංචි කරලා නෑ. ඔවුන් තවම පහසුකම් නැති සුභසාධන කදවුරැ සහ ඥාතීන්ගේ ගෙවල් වල ජීවත් වෙනවා. යැයි අද පැවති මාධ්‍ය හමුවකදී වලිකාම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපති සුගිර්ධන් මහතා පැවසීය. අතුරැදහන් වූ පුද්ගලයන්ගේ ඉරණම, අවතැන්වූවන්ගේ සහ ඉඩම් අහිමිවූවන්ගේ තත්ත්වය මැයෙන් සංවිධානය කර තිබු මෙම මාධ්‍ය සාකච්ඡාව කැදවා තිබුණේ නිදහසේ වේදිකාව විසිනි. වලිකාමම් ප්‍රාදේශීය සභාවේ, සභාපති සුගිර්ධන්, අතුරැදහන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු සහ තම දරැවන් අතුරැදහන් වූ මව්වරැන්ද මෙම සාකච්ඡාවට පැමිණ සිටියේ ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වලිකාමම් ප්‍රාදේශීය සභාවේ, සභාපති සුගිර්ධන් මහතා,
”අපේ ජනතාව ඒ කාලයේ ධීවර සහ කෘෂිකාර්මික කටයුතුවල නිරත වෙලා හිටියා . නමුත් දැන් හමුදාව ඒ දේවල් කරනවා. හමුදාව ඒ දේවල් කරලා ගන්න අස්වැන්න අපට විකුණනවා. සුන්නාගම්, මරදනාමඩම්, තිරනල්වේලි යන වෙළදපොලවල් වල මේ දේවල් විකුණනනවා. නමුත් ඒ ඉඩම්වලට අයත් මිනිසුන් රස්සා නැතුව, ආදායම් නැතුව ජීවත් වෙනවා. වලිකාමම් උතුර ප්‍රදේශයේ ලංකාවේ හොදම ධිවර වරායවල් වලින් එකක් වන මෛලිට්ටි ධිවර වරාය තිබෙනවා. ඒ දවස්වල ලංකාවේ අල්ලන මාලුවලින් තුනෙන් දෙකක්ම ඇලුවේ මයිලිට්ටි ධීවර වරායේ. අද එහි කිසිවක් කරන්න බැරැව එහි සිටි ධීවරයින් අසරණ තත්ත්වයට වැටිලා ඉන්නවා. එහි ධීවර කටයුතු වල යෙදි සිටි අය රස්සා නැතිව කුලී වැඩ කරනවා. මේ දවස් වල ඡන්දෙ ලබා ගන්න ආණ්ඩු පක්ෂයට හිතවාදී පිරිස් ආපහු ඉඩම් ලබා දෙනවා කියලා මිනිස්සු රවටමින් සිටිනවා. බොරැ පොරොන්දු දෙමින් සිටිනවා.
අනෙක් විශේෂම දේ තමයි, අපේ ඉඩම්වල 1990 ඉදන් හමුදාව ඉන්නවා කියලා ලිපි ලේඛණ හමුදාව විසින්ම සකස් කරලා ග්‍රාම නිළධාරීන් ලවා අත්සන් කරමින්, ආරක්ෂක අමාත්‍යංශය ඔස්සේ, ඉඩම් කොමසාරිස්ගේ අනුමැතිය ලබා ගන්න මේ වන විට හමුදාව උත්සහ කරමින් ඉන්නවා. ඉඩම්වල නීතියානුකූල අයිතිය ඇති ජනතාව මුලා කරමින් නීතියෙන් රිංගා යමින් මෙම ඉඩම් ලබා ගැනීමට හමුදාව උත්සහ කිරීම නිසා ඉඩම් සම්බන්ධ නිළධාරීන් ද බියෙන් කටයුතු කරන අතර ඔවුන් නිරන්තරයෙන් තැති ගැන්වී සිටිනවා.

මේ කදිරගාමර් මහතාට අයත් ඉඩමයි | Image Credit: www.meepura.com
මේ කදිරගාමර් මහතාට අයත් ඉඩමයි | Image

අපේ ප්‍රදේශයේ හමුදාව විසින් තල් සෙවන නමින් සංචාරක හෝටලයක් ආරම්භ කරලා තියනවා. හමුදාව විසින් පාලනය කරන මෙම හෝටලයට ප්‍රංශයෙන් සම්මානයක් පවා හිමි වී තිබෙනවා. හෝටල් ඉදිකරලා හමුදාව අදායම් උපයනවා. නමුත් ඒ ප්‍රදේශයේ ජනතාව කිසිදු ආදායමක් නැතිව තමන්ගේ භූමියටවත් යන්න බැරිව ඉන්නවා. අනෙක් විශේෂම දේ තමයි හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ගේ පුතාගේ ඉඩමේ ජනාධිපතිවරයාට නැවතීම සදහා මන්දීරයක් ද මේ වනවිට ඉදිකරමින් සිටින අතර ඒ අසල ඇති විශ්ණූ දේවාලය ද කඩා බිද දමා තිබෙනවා.”

No comments:

Post a Comment