Tuesday 3 September 2013

අනුරාධ ජයරත්න,ආනන්ද අළුත්ගමගේ නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරයි. - කැෆේ


ගම්පොළ නුවරඑළිය මාර්ගයේ හොරෙන් වැඩ
ගම්පොළ සහ නාවලපිටිය ආදී ප්‍රදේශවල නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු වන බව කැෆේ සංවිධානය පවසයි. කැෆේ සංවිධානය විසින් අද ( 3 ) මීට අදාල ලිපිය මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු කර තිබෙනවා.
කැෆේ සංවිධානය පැවසුවේ ගම්පොල සහ නාවලපිටිය ආදී ප්‍රදේශවල ග්‍රාම නිලධාරි කාර්යාල සහ තැපැල් කාර්යාල ආසන්නයේ සිදුකරන මෙම නීති විරෝධී ප්‍රචාරක කටයුතු නිරීක්ෂණයට ලක් වු බවයි.
මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු කර ලිපියෙහි සදහන් කර තිබේන්නේ නාවලපිටිය සහ ගම්පොළ ඡන්ද කොට්ඨාසවල මැතිවරණ කාර්යාල 132 ක් පිහිටුවා ඇති අතර මේ අතරින් බොහොමයක් ස්ථානවල බස්නැවතුම් පළවල් කාර්යාල බවට පරිවර්තනය කරගෙන තිබු අයුරු නිරීක්ෂණය කිරීමට හැකිවු බවයි. තවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයින් විසින් ඉතා විශාල ප්‍රමාණයේ කටවුට් ඉදිකර තිබු අතර අනුරාධ ජයරත්න,නිශ්ශංක හේරත්,සහ ආනන්ද අළුත්ගමගේ යන අපේක්ෂකයින් විසින් පවත්වාගෙන යන කාර්යාල ආශ්‍රිතව මෙම දැවැන්ත ප්‍රමාණයේ කටවුට් දක්නට ලැබිණ.කැෆේ නියොජිතයින්ගේ නිරීක්ෂණයට අනුව මෙම ප්‍රදේශවල ඇති කටවුට් සංඛ්‍යාව 600 ඉක්මවයි.
මීට අමතරව තවත් සථාන 12 ක් ඒවායේ අයිතිකරුවන්ගේ අවසරයකින් තොරව ඇතැම් අපේකෂකයින් විසින් ප්‍රචාරක කටයුතු සදහා යොදාගෙන තිබිණ.රජයේ ගොඩනැගිලි, පන්විලතැන්න රෝහල,සහ බස් නැවතුම්පළ මෙන්ම උඩපළාත ප්‍රාදේශීය සභාවේ ගොඩනැගිලි 4ක මෙම මැතිවරණ ප්‍රචාරක කටයුතු දක්නට ලැබිණ.
ග්‍රාම නිලධාරී කාර්යාල සහ තැපැල් කාර්යාල වල නිරන්තරයෙන් ජනතාව ගැවසෙන බැවින් ඒ ආශ්‍රිතව මැතිවරණ කාර්යාල පිහිටුවීම මගින් උපක්‍රමශීලී ප්‍රචාරක ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බව කැෆේ සංවිධානයේ නීරීක්ෂණ කර තිබේ.
DSC00919
DSC00979

No comments:

Post a Comment