Tuesday 3 September 2013

ඊශ්‍රායලයේ මිසයිල 2කින් සිරියානු යුධ උණුසුම වර්ධනය වේ


සිරියාවට පහරදීම සඳහා ඇමරිකානු යුධ නෞකා 5ක් හා එයාර්ක්‍රාෆ්ට් කැරියර් 2ක් මේ වන විට සිරියාවට ආසන්න මුහුගේ නවතා තිබෙන්නේ පෙන්ටගනයේ අවසරය ලැබෙනතෙක් ය.

මේ අතරේ අද දහවල් රුසියාවේ රේඩාර් පද්ධතියට ග්‍රහණය වූයේ බැලස්ටික් මිසයිල දෙකක් සිරියාව දෙසට පැමින මධ්‍යධරණී මුහුදට පතිතවූ බවයි. ඒවා ඇමරිකානු නෞකා වල සිට එල්ලකරන ලද මිසයිල බවටයි රුසියාව සැක කලේ.


ඒ පිළිබඳව නිවේදනයක් රුසියාව විසින් නිකුත් කරන ලද අතර ඉන්පසු ඇමරිකාවද නිවේදනයක් නිකුත් කලේ තමන් එවැනි මිසයිල ප්‍රහාරයක් එල්ල නොකල බවයි.

මෙම ප්‍රකාශ දෙස බලා සිටි ඊශ්‍රායලය අනතුරුව ප්‍රකාශ කලේ එවා තමන් විසින් එල්ල කල අත්හදා බැලීමේ මිසයිල දෙකක් බවත්, තමන් ඒවා එල්ල කලේ ඇමරිකාව දැනුවත්ව බවත්ය.

ඇමරිකාව විසින් සිරියාවට ප්‍රහාර එල්ල කිරීමට ආසන්න මෙම අවස්ථාවේ යම් හෙයකින් සිරියාව විසින් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ලකල හොත් එයින් ආරක්ෂාවීම සඳාහා ඊශ්‍රායලය විසින් නව මිසයිල ආරක්ෂක පද්ධතියක් සවිකරන ලදි.

Arrow 3 නම් වූ එම මිසයිල ආරක්ෂක පද්ධතිය මඟින් Ankor in Hebrew නම් මිසයිල දෙකක් නිකුත් කරමින් අද සිදු කළේ එම මිසයිල ආරක්ෂක පද්ධතියේ අත්හදාබැලීමකි. F-15 ප්‍රහාරක යානා මඟින් එල්ල කරන Sparrow මිසයිල දෙකක් එමඟින් ඉලක්ක කර තිබුණි.

Arrow-3 මිසයිල ආරක්ෂක පද්ධතිය මඟින් කිලෝමීටර් 2,000ක පමණ දුර සිට එල්ල කෙරෙන දිගුදුර මිසයිල ඉලක්ක කෙරේ.

No comments:

Post a Comment