Friday 15 November 2013

ලංකාවේ ප්‍රාදේශීය සභාවක සභාපතිට චන්ද 15000 යි,ටුවාලු රාජ්‍යයේ ජනගහනය 12000කි.

පොදු රාජ්‍ය මණ්ඩලයේසමුළුවට සහභාගී වන එක් රටක් වනුයේ ටුවාලු රාජ්‍යයයි. එහි ජනගහනය පමණක් 12000කි. එම රාජ්‍ය යේ රාජ්‍ය නායකයා ද මේ සමුළුවට සහභාගී වී ඇත. ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලයට එකී රාජ්‍ය යේ රාජ්‍ය නායකයාද සුවිශේෂී කොට පිළිගත්තේය. 
පොදු රාජ්‍ය මණ්ඩලයේ අභිමානවත් විසි දෙවන වන රාජ්‍ය නායක සමුළුව කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාවේ දී අද (15) උදෑසන ඇරඹි අතරඊට සහභාගී විය යුතු රාජ්‍ය නායකයින් 53 දෙනාගෙන් රාජ්‍ය නායකයින් 23 දෙනෙකු පමණක්  සහභාගිවිය.
ශ්‍රී ලංකාව ඇතුළුව පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් ගණන 53කි. ඒ අතරින් රටවල් 49ක නියෝජිතයින් කොළඹ සමුළුවට සහභාගී වී ඇතැයි පැවසේ.
සයිප්‍රස්වනවාටුදකුණු අප්‍රිකාවසීසෙල්ස්නවසීලන්තය,බහාමාස්සෙන්ට් කිට්ස්නැම්බියාබෘෘනායිටැන්සානියා,සමෝවාපාකිස්තානයමලයාසියාවසිංගප්පූරුව,ඕස්ට්‍රේලියාවමොල්ටාවසොලමන් දූපත්එක්සත් රාජධානියනාවුරුරුවන්ඩාගානාටුවාලු (Tavaula) ,ලෙසාතෝලව්රෝ යන රටවල රාජ්‍ය නායකයින්ද ටොන්ගා හා ස්වාසිලන්තයේ අගමැතිවරුන්ද මෙම සමුළුවේ ආරම්බක සහභාගිවිය.
ඉන්දියාව නියෝජනය කරමින් එරට විදේශ ඇමතිවරයා සහභාගි විය.  අනෙකුත් සෙසු රටවල් නියෝජනය කරමින් විදේශ ඇමතිවරුආණ්ඩුකාරවරුතානාපතිවරු මෙන්මකැබිනට් ලේකම්වරුන්ද පාර්ලිමේන්තු ලේකම්වරුන්ද සහභාගි වී සිටියහ.
පසුගියවර ඕස්ටේ‍්‍රලියාවේ පර්ත්හිදී පැවති සමුළුවටරටවල් 34ක රාජ්‍ය නායකයින් සහභාගී වී ඇති අතරඑම සමුලුවටද ඉන්දීය අගමැතිවරයා සහභාගී නොවිය.මෙම සමුළුව මෙතෙක් සහභාගිවූ අඩුම රාජ්‍ය නායක සංඛ්‍යාව මෙය බව වාර්තා වේ.අවසන් අවස්ථා හතේදී මෙම සමුළුවට රාජ්‍ය නායකයන් සහභාගීත්වය මෙසේය.
2011 පර්ත් 36
2009 ට්‍රිනිඩෑඩ් 34
2007 උගන්ඩා 36
2005 මෝල්ටා 38
2003 නයිජීරියා 38
1999 ඩර්බන් 47
1997ස්කොට්ලන්ඩ් 47
මේ අතර සමුළුව සහභාගී වන එක් රටක් වනුයේ ටුවාලු රාජ්‍යයයි. එහි ජනගහනය පමණක් 12000කි. එම රාජ්‍ය යේ රාජ්‍ය නායකයා ද මේ සමුළුවට සහභාගී වී ඇත. ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලයට එකී රාජ්‍ය යේ රාජ්‍ය නායකයාද සුවිශේෂී කොට පිළිගත්තේය. 

No comments:

Post a Comment