Friday 15 November 2013

විග්නේෂ්වරන් බ්‍රිතාන්‍යය අගමැති ඩෙවිඩ් කැමරන්ට කියූ ලොකුම කේලම

බ්‍රිතාන්‍යය අගමැති ඩෙවිඩ් කැමරන් මහතා හා උතුරු පළාත් සභාවේ ප්‍රධාන ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා අතර සාකච්ඡාවක් මේවන විට පැවැත්වේ. 

යාපනය පුස්තකාලයේදී එම සාකච්ඡාව පැවැත්වෙයි. 

ඩේවිඩ් කැමරන් මහතා අද පස්වරුවේ හමුදා ගුවන් යානයකින් පලාලි ගුවන් තොටින් ගොඩබැස එතැනින් යාපනය නගරයට ගොස් තිබේ. 

යාපනයට පුස්තකාලයට පැමිණි කැමරන් මහතා විග්නේෂ්වරන් හා ආර්. සම්බන්ධන් මහත්වරුන් විසින් පිළිගෙන තිබේ. 

ඔවුන් අතර පැවැත්වෙන සාකච්ඡාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන් විශාල පිරිසක් පැමිණ සිටියත් ඒ සඳහා දෙස් විදෙස් කිසිදු මාධ්‍යවේදියෙකුට ඉඩ නොලැබුණු බව අප වාර්තාකරු පැවසීය. 

මේ අතර යුද්ධයේ දී සිය ඥාතීන් අතුරුදහන් වූ පිරිසක් එම අවස්ථාවේදී පුස්තකාලය අවට ප්‍රදේශයේ රැඳි සිටිමින් උද්ඝෝෂණ පැවැත්වීය. 

එහෙත් එය ආවරණය කිරීමේදී මෙරට මාධ්‍යවේදීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ. 

උද්ඝෝෂණකරුවන් ඔවුන්ගේ උද්ඝෝෂණය විදෙස් මාධ්‍යයට දැඩි ලෙස ආවරණයට ඉඩ සලසා දීම ඊට හේතුව බව අප වාර්තාකරු පැවසීය. 

මේ අතර අද පස්වරුවේ නවසීලන්ත විදේශ අමාත්‍ය මැක් කලී මහතා ඇතුළු පිරිසක් ද යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත විය. 

නවසීලන්ත විදේශ ඇමතිවරයා යාපනය දොරේ අප්පා ක්‍රීඩාංගණයේදී ගුවන් යානයෙන් යළි පිටත්ව යාමට සුදානම් වන අවස්ථාවේදී පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් මහතා කෑ ගැසු බවත් ඔහුගේ අරමුණ ද වූයේ විදේශ මාධ්‍යයවල අවධානය ඒ සඳහා දිනා ගැනීම බවත් අප වාර්තාකරු කීවේය. 

No comments:

Post a Comment