Monday 18 November 2013

බොදුබල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් මහන කම වෙනුවට නැවතත් චන්දිකම අතට ගනී.

පසුගිය දා පිටකොට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මානව හිමිකම් උළෙලට කඩාවැදී එහි සිටි පිරිස් විසින් පහර කෑමට ලක්වූ බොදුබල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර  හිමියන් අද (19) ඊට පිළිතුරු දීම සදහා සිරිකොත ඉදිරියේදී උද්ඝෝෂණයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව වාර්තාවේ
.
ම සංවිධානය විසින් ඊයේ කළ දැනුම් දීමකට අනුව සදහන් වන්නේ තම සංවිධානය විසින් සිදුකළා යැයි පැවසෙන පල්ලිවලට ගැසීම්, හලාල් විරෝධී සටන හා අනෙකුත් විරෝධතා සහිත ඡායාරූප අදාළ ප්‍රදර්ශනයේදී තබා තිබූ බවත් ඒ සදහා විරෝධය දැක්වීමට තමන්ට ඇති බවත් එම විරෝධය දැක්වීමේදී මෙසේ පහර දීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්ය. භික්ෂූන් වහන්සේලාට පහර දීම පිළිබද විරෝධය පළකිරීමට සිරිකොතට විශාල පිරිසක්ද රැගෙන එන බවද අදළා දැනුම්දීමේ සදහන්වේ.

No comments:

Post a Comment