Monday 18 November 2013

දකුණු පළාත් සභාවේ මුදල් කප්පාපුවක් ......අශෝක දනවංශ

චෝගම් සඳහා වැය වූ මුදල් සොයා ගැනීමට බදු පැනවීමට ආණ්ඩුව එක් පැත්තකින් උත්සාහ කරන අතර, 2013 වසර සඳහා දකුණු පළාත් සභාවට ලබා දෙනු ලබන මන්ත්‍රී ප්‍රතිපාදන කප්පාදු කිරීමටත් ආණ්ඩුව ක්‍රියා කොට තිබෙනවා. 2012 වසරේදී උපමාන සංවර්ධන කටයුතු සඳහා දකුණු පළාත් සභාවට රුපියල් මිලියන 347 ක් ද පළාත් නිෂ්චිත සංවර්ධන සඳහා රුපියල් මිලියන 1642 ක් ලබා දී තිබුණත් 2013 වසරේදී උපමාන සංවර්ධන කටයුතු සඳහා මිලියන 295 ක් ලෙස මිලියන 52 ක් පමණ අඩු කොට තිබෙනවා. එමෙන්ම පළාත් නිෂ්චිත සංවර්ධන මුදල 2013 දී රුපියල් මිලියන 1229 ක් දක්වා අඩු කොට තිබෙනවා. ඒ අනුව මේ වසර තුළදී රුපියල් මිලියන 500 ක පමණ මුදලක් පසුගිය වසරට සාපේක්‍ෂව කප්පාදු කොට තිබෙනවා. 

එක්සත් ජාතික පක්‍ෂය භික්‍ෂූන් වහන්සේලාට පහර දුන් බවට ආණ්ඩුව චෝදනා කළත්, 1970-77 සමගි පෙරමුණ ආණ්ඩුව කාලයේ දී එක්සත් ජාතික පක්‍ෂයට සහයෝගය දැක්වූ දැවමොට්ටාවේ අමරවංශ, මීටියාගොඩ ගුණරතන හිමිවරුන් එම පන්සල්වලින් එළියට දමා කටු කම්බි වැටවල් ගැසුවා. දැවමොට්ටාවේ අමරවංශ හිමියන් ඇඳ පිටින් ඔසවා ගෙනැවිත් මහ පාරේ තැබුවා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය භික්‍ෂූන් වහන්සේලාට සැලකුවේ ඒ ආකාරයටයි. එමෙන්ම මෑත කාලයේ දී ආණ්ඩුවේ දේශපාලනඥයින් විසින් භික්‍ෂූන් වහන්සේලා ඝාතනය කිරීම්, පන්සල් ගිනි තැබීම් ආදී සිද්ධීන් වාර්තා වුණා. තවත් භික්‍ෂූන් වහන්සේ නමක් මේ ආණ්ඩුවට එල්ලීම් ඉදිරිපත් කොට ඒවා නොලැබුණු නිසා දළඳා මාළිගාව ඉදිරිපිට දී ගිනි තබා ගත් බව ද මේ රටේ ජනතාවට අමතක නැහැ.

No comments:

Post a Comment