Monday 18 November 2013

ඊ .ඒ.පි. සමුහ ව්‍යාපාරය කඩා වෙටෙයි,ගොඩගන්න ජනපතිටත් බැරිවෙන ලකුණු...

ස්වර්ණ මහල් මුදල් සමාගම මේ වර්ෂය තුළ ක්‍රමයෙන් මූල්‍ය අර්බුදයකට ගමන් කරමින් සිටින බව වාර්තාවේ. අදාල සමාගම  මුහුණ දී ඇති තත්වය අවම මට්ටමකින් සමනය කිරීම සදහා රුපියල්  මිලියන 400ක් වත් යෙදවි ය යුතු බව  මූල්‍ය ක්ෂේත්‍ර යේ විද්වත්හු  ප්‍රකාශ කරති.
මීට ඉහත වර්ෂයකදීද මෙම මූල්‍යා යතනය බිදවැටී පාලනාධිකාරිය රට හැර යාමේ සූදානමක සිටියදි ජනාධිපතිවරයා විසින් ලබාදුන් සහනයක් හේතුවෙන් මුල්‍ය ගැටලුව පියවා ගැනිමට හැකිවිය . එහෙත් මෙවර පැන නැගී ඇති අර්බුදය කවර පියවරක් අනුගමනය කිරිමට සිදුවිය හැකිය යන්නද ගැටලුකි.
කෙසේ නමුත්  පසුගිය සැප්තැම්බර් 30 න් අවසන් මාස 06 තුළ  සමාගමේ අලාභය රුපියල් මිලියන 410.7 ක අගයක් ගන්නා මෙය  2012  දී  රුපියල් මිලියන 86 ක ලාභ මට්ටමේ සිට පැමිණ ඇත. කෙසේ නමුත් ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් මෙය 577% ක පහත වැටීමකි.
මෙම සැප්තැම්බර් කාර්තුවේ ස්වර්ණමහල් මුදල් සමාගම ලාභ පසුගිය වර්ෂයේ රුපියල් මිලියන 54.8 ක ලාභ මට්ටමේ සිට රුපියල් මිලියන 364 ක අලාභ දක්වා පහත වැටි ඇති අතරේ එහිදි කොටසක ඉපයුම ශත 12 සිට ශත 73 ක අලාභ දක්වා අගයකින් වර්ධනය වී ඇති බව ද වාර්තාවේ. 

No comments:

Post a Comment