Thursday 11 July 2013

ආශ්චර්යයේ සිහිනය වියැකී යාමට පෙර.....


නව ලිබරල් ආර්ථික මූලෝපායන් අප රටේ මෙන්ම ලෝක පරිමාණවද වැහැරීමට පටන් ගෙන ඇත. තවදුරටත් එය මිනිස් සමාජය මත ප‍්‍රගතියක් හෝ වෙනසක් (Tranqualized)  අත්පත් කර දීමට හැකි වෙතැයි බටහිර ආර්ථික විද්‍යාඥ ඇඩම්ස් ස්ම්ත් හෝ පෙරදිග අර්ථ ශාස්ත‍්‍ර කෞට්ල්‍යය සිටියේ නම් අදහා ගැනීමට පවා නොහැකි වනු ඇත. ප‍්‍රංශ ජනාධිපතිවරයා වරෙක පැවසූවේ ලිබරල් ආර්ථික ක‍්‍රමය යනු උමතුවක් බවයි.
මෙම යථාර්තය ලාංකීය දේශපාලන ආර්ථික මහ පොළව මත හැසිරෙන්නේ කෙසේද යන්න ව්මසන කල්හී හුදු ව්‍යාජ වාණිජ්‍යමය සහ ආර්ථික සංඥා විසින් නිද්‍රාකරණයකට ලක්කොට ඇති :ඔර්බුම්කස‘ැා* ලාංකීය පාරීභෝගික සමාජය තිගැස්මකට ලක් විය හැක. පශ්චාත් යුධමය ශී‍්‍ර ලංකාව තුල මතුපිට ලෙළදෙන ආර්ථික ප‍්‍රසාරණය නම් හිස් හැගවුම් කාරකය (Empty Signifiers)  විසින් පාර්භෝගික වෙළදපල දරාගත නොහැකි නිහැ`ඩියාවකට ඇද දමා ඇත. එම නිහඩ අවකාශයේ සුවසේ වැතිර සියළු ව්‍යාජ සංඥා :ත්‍්කිැ ීසටබි* උරා ගනිමින් ආශ්වර්යමත් රටක් බිහිවන තුරු කිසිදු සාධනීය ප‍්‍රතිචාරයක් නොමැතිව සිටින ආර්ථික විද්‍යා විශාරදයින් ඇතුළු පාරිභෝගික සමාජය අවධිවන්නේ ග‍්‍රීසියේ හෝ සයිප‍්‍රසයේ සිදු වූවා වැනි ආර්ථික කම්පනයකින් පමණද?. ජින් බ්‍රෝදිලාද් නම් ප‍්‍රංශ ජාතික චින්තකයා හරියට මෙම නිහැඩියාව උපමා කරන්නේ විශ්වයේ කළු කුහරයක් ලෙසය :ඊක්ජන ්‍යදකැ*ග එනම් කළු කුහරයක් යනු ආලෝකය සිය අවකාශය තුලට උරා ගත්තද නැවත පරාවර්තනයක් නොකරන නිසාවෙනි. සමකාලීන ලාංකීය සමාජයේ ආර්ථිකමය සන්දර්භය සහ එය හසුරුවන ප‍්‍රධාන කාරකයා වන :්ටැබඑ* ශී‍්‍ර ලංකා මහ බැංකුවේ සිය 2012 වර්ෂයේ වාර්ෂික වාර්ථාවට අනුව මෙම තත්වය විමසා බලන විට පෙනී යන්නේ රාජ්‍ය ණයගැතිභාවයේ අර්බුදය කෙතරම් ගැඹුරු වීද යන්නයි.

අද වන විට අප රටක් ලෙස වාර්ෂිකව ලබන සමස්ථ අදායම සහ ප‍්‍රධානයන්ගේ මුළු එකතුව රුපියල් කෝටි 100,391.00 වන විට ණය වාරික සහ පොලිය ගෙවීම සදහා පමණක්images 7 රුපියල් කෝටි 101,746.00 ක් වියදම් කරනු ලබයි. මේ අනුව ආදායම් ඌනතාවය රුපියල් කෝටි 1355 ක් බවට පත්වී ඇත. එය පියවීම සදහා නැවත නැවතත් ණය වීමට සිදුවීමෙන් රටක් හැටියට අප ණය උගුලේ පැටලවී ඇති තරම පැහැදිළි වෙයි. මෙම තත්වය ආසන්න වර්ෂයේ මුල් කාර්තුව තුල එනම් 2013 ජනවාරී මාසය සිට අපේ‍්‍රල් මාසය දක්වා සිවු මසක සීමාවේ දී රාජ්‍ය ආදායම අතික‍්‍රමනය කල විශාල අගයක් වාර්ථා කරනු ලබයි. සංඛ්‍යාත්මකව ගත් කල එය සමස්ථ අදායම සහ ප‍්‍රධානයන්ගේ මුළු එකතුව රුපියල් මිලියන 307,675.00 ක් වන විට ණය වාරික සහ පොලී ගෙවීම සදහා රුපියල් මිලියන 457,450.00 ක් වැය කරනු ලබයි. ඒ අනුව මෙම කාල සීමාව තුල රජයේ මු`ථ ආදායම සහ ප‍්‍රධානයන්ගේ එකතුව මෙන් 150% ක් ණය සහ පොලී වාරීක ගෙවීම ස`දහා වෙන් කිරීමට සිදුව ඇත. මෙම සන්දර්භය අප රටක් ලෙස දරුණු ණය උගුලකට තල්ලූවී යාමේ අවධානම මොනවට කියාපානු ලබයි.

මේ හා සමාන තත්වයක් පාකිස්ථාන රාජ්‍ය වෙතින් ද දැකගත හැකි අතර 2012 වර්ෂය අවසාන වන විට එම රටේ සමස්ථ ණය බර පාකිස්ථානු රුපියල් ටි‍්‍රලියන 2.37 ක් ලෙස වාර්ථා විය. එහෙත් ණය සහ පොලී ගෙවීම් රාජ්‍ය අදායම අතර පරතරය 40% ක මට්ටමේ පවත්වාගෙන යාමට එරට ආර්ථික කළමණාකරුවන්ට හැකිවිය.
ගෙවීගිය සෑම වසරකම සිදුවූවා සේ 2013 වර්ෂයේ ද කිසිදු මූල්‍ය
විචාරශීලිත්වයකින් තොරව පරමාධිපත්‍ය බැදුම්කර හරහා ජාත්‍යන්තර මූල්‍ය වෙළ`දපලට පිවිස චීනයේ එක්සීම් බැංකුවෙන් චීන සංවර්ධන බැංකුවෙන් අධික පොලි ප‍්‍රතිශතවලට ණය ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන ලදි. මෙහි බැරූරුම් ප‍්‍රථිඵලය වූයේ වර්ෂයේ මුල් කාර්තුව තුල රුපියල් කෝටි 299,600.00 ක දැවැන්ත විදේශ ණය කන්දක් නිර්මාණය වීමයි. මෙය 2012 වර්ෂය අවසානයේ දී වාර්ථා වූයේ රු කෝටි 225,800.00 ක් හැටියටයි. මේ අනුව මාස 05 ක් වැනි කෙටි කාලයක් තුල විදේශ ණය බර රුපියල් කෝටි 73800.00 කින් වර්ධනය වී ඇත.
විදේශ ණය ගැනීම්වලට අතිරේකව රජය විසින් දේශිය මූල්‍ය වෙළ`දපල හරහාද විශාල වශයෙන් ණය ලබා ගැනින. විවිධ සංවර්ධන ව්‍යාපෘති සහ ඇතැම් අවස්ථාවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම් වැනි වර්තන වියදම් පියවා ගැනීමේ අරමුණු ඇතිව සහ ණය ආපසු ගෙවීම් ස`දහාද දේශිය වාණිජ්‍ය බැංකු වෙතින් රුපියල් කෝටි 325,400.00 ක ණය මුදලක් රැුස් කරගෙන ඇත. මේ අනුව සමස්ථ රාජ්‍ය ණය බර දේශීය සහ විදේශීය යන දෙවැදෑරුමි එකතුව අප වැනි සීඝ‍්‍ර නිෂ්පාදන ක‍්‍රියාවලියක් නොමැති රටකට කිසිසේත් දරාගත නොහැකි තරම් ආකාරයට රු කෝටි 624,900.00 ක් දක්වා ඉහළ අගයක් වාර්ථා කරයි. මෙය මෙතෙක් අප රටේ ආර්ථීක ඉතිහාසයේ පෙන්නුම්කල දැවැන්තම ණය බර ධාරිතාවයි.
ජාතික ආර්ථික දේහයේ ගෙල සිරකර ඇති මෙම අති දැවැන්ත ණය උගුල වසර 35 කට අධික කාලයක් පුරාවට අප ජාතියක් ලෙස පතුල නොපෙනෙන අගාදයක ගිල්වමින් සිටී. මෙම තිස්පස් වසරක ඉතිහාසය පුරාවට අප රටේ පාලකයින් විසින් අනුගමනය කල අවිචාරවත් ආර්ථික මූලෝපාය වූයේ නව ලිබරල්වාදී ආර්ථික න්‍යායයි. මෙහි බලපෑම සමාජයේ සෑම අස්සක් මුල්ලකම, දේශපාලන සහ ආර්ථික ක්ෂේත‍්‍රයට, වගේම සෑම මිනිසෙකුගෙම ක්ෂුද්‍ර ජීවිත වලටද බරපතල ලෙස බලපෑම් කරමින් සිටී. එම තතු කෙසේ වීද යත් අප රටේ සෑම මිනිසෙක් සහ ගැහැනියක්ම රු 378,000.00 ක ණය කරුවකු බවට පත්කර ඇති යථාර්තයක් අප හමුවේ බිහිකර ඇත.

දේශපේ‍්‍රමී, ජනතාවාදී, සහ ජාතිකවාදී, දෘෂ්ඨිවාදය :ෂාැදකදටහ* සමාජගත කිරීමට අණ්ඩුව ප‍්‍රබල උත්සහයක් දැරුවත් එය හුදු ව්‍යාජයක් බවට පත්ව ඇත. එය එසේ වන්නේ මේ ආකාරයට අවිනීතව ලබා ගන්නා දේශීය සහ විදේශීය ණය කන්දරාව සඵලදායි ආයෝජනයන්ට මුදා නොහරිමින් ගුවන්යානා නොමැති ගුවන්තොටුපලවල්, නැවි නොමැති වරායන්, කාර්යක්ෂම නිෂ්පාදන ක‍්‍රියාවලියකට දායකත්වය නොදක්වන අධිවේගී මාර්ගයන්, නිරන්තර බි`ද වැටෙන විදුලි බලාගාර. වැනි ඌන ශක්‍යතාවයක් සහිත මූලෝපායික වශයෙන් රටේ නිෂ්පාදන ක‍්‍රීයාවලිය වේගවත් නොවනජේත්තුකාර ව්‍යාපෘතිවලට යෙදවීම නිසාවෙනි. නිෂ්පාදන ආර්ථිකය සපුරා පසෙක තබම්න් සේවා ආර්ථිකය අධිනිශ්චය කොට සී ප්ලේන් ව්‍යාපෘති, කැසිනෝ අඩවි, සංචාරක ෆැන්ටසි, උත්කර්ශයට නංවමින් සිටී. මෙයින් සිදුවන්නේ ජාතික ආර්ථීකය තව තවත් ණය උගුලේ ගිලටීනයේ සිරවීමයි. ලබා ගත් ණය ගෙවීම සදහා නැවත නැවතත් ණය ලබා ගැනීමෙන් සර්පිලාකාර ණය චක‍්‍රයක පැටලවීමයි. තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය වෙළ`දපල නම් කෑදර ලිබරල් පාරිභෝජනවාදී මාෆියාවේ ගො`දුරක් බවට පත් වීමයි.

මෙම සාහසිකත්වයේ වග උත්තරකරුවා හුදු පුද්ගල කේන්ද්‍රීය ප‍්‍රලාපයක්ද? කිසිසේත්ම නැත. ආර්ථික ඝාතකයින්ගේ අවතාර මවන ආණ්ඩුවේ පණිවුඩකරුවන් අන්ද මන්ද වී යන උදාහරණ මේ සදහා  ඕණැවටත් වඩා සැපයිය හැකිය.

විවිධ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව මගින් පසුගිය කාලය පුරාවටම ලංකා ආණ්ඩුව වෙත ණය නිකුත් කළේය. ඒ අතරින් ප‍්‍රධාන ව්‍යාපෘතියක් වන්නේ මහ කොළඹ අප ජල කළමණාකරන ව්‍යාපෘතියයි. පස් අවුරුදු ව්‍යාපෘතියක් වන මේ ස`දහා ඩොලර් මිලියන 735 ක මුදලක් බැංකුව විසින් අනුමත කරන ලදි. මෙම ව්‍යාපෘතියේ පළමු වර්ෂය සැලසුම් වර්ෂය හැටියට නම්කර එ් වෙනුවෙන් ඩොලර් මිලියන 147 ක් නිකුත් කරන්නට යෙදුන අතර ඉතිරි මුදල ස`දහා දරා සිටීමේ ගාස්තු වශයෙන් :ක්‍දපපසඑපැබඑ ක්‍ය්රටැි* රු 13,231,358.00 ක් ආසියානු සංවර්ධන බැංකුව අයකරගෙන ඇත. නමුත් වාර්ෂික පොලී අයකර ගැනීම ඩොලර් මිලියන 735 ටම ගණන් බලා ඇත. මේ අනුව මුල් වර්ෂය තුල රුපියල් මිලියන 22225.00 ක මුදලක් රජයට ගෙවීමට සිදුව ඇත. නමුත් විමතිය දනවන කරුන වන්නේ අදාල සැලසුම් වර්ෂය තුල ආණ්ඩුව විසින් මෙම ව්‍යාපෘතිය ස`දහා කිසි`දු සාධනීය මැදිහත් වීමක් සිදු නොකිරීමයි.
එමෙන්ම 2011 වර්ෂයේ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් :න්‍ෂක්‍්* ආයතනය ග‍්‍රාමීය මාර්ග ප‍්‍රතිසංසංකරණය වෙනුවෙන් ජපන් යෙන් මිලියන 11.171 ක මුදලද දරා ගැනීමේ ගාස්තුවකට යටත්ව නිකුත් කර ඇත. මේ වෙනුවෙන් දරා ගැනීමේ ගාස්තු ලෙස 0.1% ක මුදලක් වාර්ෂිකව අය කරගෙන ඇත. එම ගාස්තුව වසර 04 ක් සදහා රු 20,642,632.27 ක අමතර මුදලකි. මීට අමතරව සමස්ථ ණය මුදල සදහා පොලී ගෙවීමද සිදු කර ඇත. මෙම සංඛ්‍යා දත්ත විදහා පාන්නේ ආණ්ඩුවේ ණය කළමණාකරන කෙරුවාවේ වර්ග ඵලයයි.  ඕනෑම රටක සංවර්ධන ක‍්‍රියාවලිය දෙස පරීක්ෂාකාරිව බලන කල්හී පෙනී යන්නේ යම් යම් මූල්‍යමය අවශ්‍යතා ස`දහා ණය ලබා ගැනීම් සිදුවන බවයි. එය සංවර්ධිත සහ සංවර්ධනය වන සෑම රටකම දක්නට ලැබෙන ලක්ෂනයකි. මෙම සෑම රටක්ම ණය ලබා ගැනීමේදී අනුගමනය කරනු ලබන ප‍්‍රතිපත්ති මාලාවක් සහ නිසි සැලැස්මක් ගොඩනගාගෙන තිබේ. නමුත් අප රටේ එම තත්වය මෙයට ඉදුරාම වෙනස් වූවකි.
යම්කිසි සංවර්ධන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමේදී එම ව්‍යාපෘතියේ ශක්‍යතාවය පිළිබද විද්‍යාත්මක ඇගයීමක් සිදු කිරීම තුලින් එයින් ලැබෙන ආර්ථික ප‍්‍රථිලාභ සමාජීය ප‍්‍රථිලාභ පිළිබදව නිවැරදි ආගණනයක් සිදු කිරීම ව්‍යාපෘති කළමණාකරනයේ මූලික සිද්ධාන්තයකි. නමුත් වර්තමානයේ අප රටේ ක‍්‍රියාත්මක කරන ලද බොහෝමයක් මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති තුලින් එවැනි ආර්ථික ප‍්‍රථිලාභ සහ සමාජීය ප‍්‍රථිලාභ රටක් හැටියට අත්පත් කර ගැනීමට හැකි වූවාද යන්න බරපතල ගැට`ථවකි. මෙවැනි හීන ආර්ථික ප‍්‍රතිලාභ සහිත එක් ව්‍යාපෘතියක් ස`දහා කදිම උදාහරණයක් වන්නේ කි.මී 100 ක ආසන්න දුරින් යුතුව ඉදිකරන ලද කොළඹ-ගාල්ල දක්ෂිණ අධිවේගී මාර්ගයයි. රුපියල් කෝටි 9000 කට අධික මුදලක් වියදම් කරමින් ඉදිකරන ලද මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය තුල මෙතෙක් වාර්ථා වී ඇති වැඩිම වාහන ප‍්‍රමාණයක් ගමන් කල දින එය වාර්ථා වූයේ වාහන 7000 කට ආසන්න ප‍්‍රමාණයකි. ඒ අනුව එක් කිලෝ මීටරයක් ස`දහා වැය වූ මුදල නැවත ආවරණය කර ගැනීමට දිනකට අවම වශයෙන් වාහන 7000 බැගින් ගමන් ගන්නේ යැයි (උපකල්පනය කලහොත්* වසරකට ආසන්න කාලයක් ගතවේ. ඒ අනුව කි. මී 100 ක ආයෝජන පිරිවැය ආවරණය වීමට වසර 100ක් බලා සිටීමට සිදුවනු ඇත. මෙයින් පැහැදිළි වන්නේ මෙම ව්‍යාපෘතියේ ආයෝජන ප‍්‍රතිලාභ ශක්‍යතාවය ඉතාමත් දුර්වල මට්ටමක පවතින බවයි.

එමෙන්ම මූලික පාරිසරික ශක්‍යතා කොන්දේසී නොසලකා හරිමින් ඉදිකල මත්තල ගුවන්තොටුපල තවත් සමාජීය සහ පාරිසරික අතුරු ප‍්‍රති විපාක ගෙනදෙන ව්‍යාපෘතියක් බවට පත්ව ඇත. මෙම ගුවන් තොටුපල ආශීි‍්‍රත මෙහෙයුම් කටයුතු විශාල වශයෙන් මන්දගාමී වී ඇති අතර පැමිණෙන ගුවන් යානාවලට සිදු විය හැකි පක්ෂී ප‍්‍රහාර වලක්වා ගැනීමට මිග් ප‍්‍රහාරක යානා යොදා ගැනීමට සිදුව ඇත. (සිනහ නොවන්න) හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සහ නොරොච්චෝලේ තාප විදුල් බලාගාරය කෙරෙහි අවධානය යොමු කලද පෙනීයන්නේ මෙවැනි ඇ`ග කිළිපොලා යන කතා ප‍්‍රවෘත්තිය. නිරන්තරයෙන් තාක්ණික බි`දවැටීම් වලට ලක්වන නොරොච්චෝලේ තාප විදුල් බලාගාරය අවසානයේ එය ඉදිකල චීන සමාගමට පවරා දීමට බළධාරීන්ගේ අවධානය යොමු වී ඇති බවට මාධ්‍ය වාර්ථා පලවිය. මෙවැනි අසාර්ථක ව්‍යාපෘති සදහා විශාල වශයෙන් ලබාගන්නා ලද දේශීය සහ විදේශිය ණය අප රටේ පුරවැසියන්ගේ බදු ආදායමින් ගෙවා දැමීමට සිදවීම බරපතල ප‍්‍රශ්නයකි. එකී ණය ආපසු ගෙවීම අදාල සංවර්ධන ව්‍යාපෘතියේ ඉපැයුම් වලින් කරනවා වෙනුවට රාජ්‍ය බදු ආදායමින් සහ නැවත නැවතත් ණය වෙම්න් ගෙවා දැමීමට සිදුවීම ණය නැමති විෂම චක‍්‍රයේ එළී වෙළී ආර්ථික දේහයේ සියළු සාරයන් උරා බොන බියකරු ණය මාපිලාගේ ගො`දුරක් බවට පත් වීම හැර අන් යමක් නොවේ. නිද්‍රෝපගතව සයනාසනව සුවසේ වැතිර සිටින බළධරයිනිඃ ඇස් ඇරීමට කාලයයි, ආශ්චර්යයේ සිහිනය වියැකෙමින් ඇත.
සටහන-  බණ්ඩාර ඩබ්. දිසානායක

No comments:

Post a Comment