Friday 8 November 2013

සජිත් ,ටිරාන් අලස්ගේ පක්ෂයෙන් ජනාධිපති සටනට,සජිත්ගේ පුටුව රෝසිට..?

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයට පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝසි සේනානායක මහත්මිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ස්වාමිනාදන් මහතා පත් කිරීමට යෝජනා වී ඇතැයි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.
පසුගියදා පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී, එක්සත් භික්ෂු සංවිධානයේ යෝජනා මත 
එම පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීම සඳහා 09 දෙනෙකුගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයක් පත් කරනු ලැබිය. ඒ සඳහා යෝජනාවූ සජිත් ප්‍රේමදාස මහතා සහ තලතා අතුකෝරල මහත්මිය තමන් එම තනතුරු බාර නොගන්න බව එදිනම රාත්‍රී මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය.

අලුතින් දෙදෙනෙකු පත් කිරීමට යන්නේ එම පුරප්පාඩු සඳහාය.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේ මාධ්‍ය ප්‍රධානියකු කියා සිටියේ, මින් ඉදිරියට නායකත්ව මණ්ඩලයට හෝ වෙනත් ඕනෑම තනතුරකට අදාළ පත්වීම් සිදුකරන්නේ, කරු ජයසුරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු නායකත්ව මණ්ඩලය විසින් බවයි. නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සතුව තිබු බලතල සියල්ල මේ වනවිට නායකත්ව මණ්ඩලයට පවරා ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවුවද, එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතාට වෙන්කෙරෙනු අසුන ඔහු වෙනුවෙන් තවමත් පුරප්පාඩුව පවතින බව එක්සත් භික්ෂු පෙරමුණ පවයි. එහි අනුශාසක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් 'නෙත්' ගුවන් විදුලිය කළ විමසීමකදී පවසා සිටියේ, සජිත් පේ‍්‍රමදාස මහතා එම නායකත්ව මණ්ඩලයේ සාමාජිකයෙකු බවට පත්කිරීමේ සටන අත්නොහරින බවයි.
එහෙත් මේ වන විට උදාවී ඇති තත්වය තුල සජිත් ප්‍රේමදාස මහතාට තවදුරටත් පක්ෂය තුළ ‍රැඳීම සඳහා පසමිතුරු තත්වයෙන් මීදී කටයුතු කිරීමට සිදුවනු ඇත.
එසේ නොවුණ හොතු ඔහු හිත් මිතුරු ටිරාන් අලස් මහතා අලුතින් සෑදීමට යන පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී සිය දේශපාලන දිවියේ මරණ මංචකයේ වැඩ කටයුතු ටික සම්පූර්ණ කර ගත හැකිය.

No comments:

Post a Comment