Monday 22 July 2013

බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ

“අපේ මහනායක හිමිවරු අද සෑම කරුණක්ම ලේඛනගත කරනවා. මාසයක් පාසා අදාළ අය දැනුම්වත් කරනවා.

ඒත් උන්වහන්සේට එළියට බැහැලා රළු විදියට කතා කරන්න බෑ. අපිට මහා සම්ප්‍රදායක් තියෙනවා. ඒත් අවාසනාවකට අපේ නිකායෙම මහනායක හිමිවරුන්ගෙ මතයට වඩා මේ රටේ වෙන පූජකතුමන්ලාගේ මතය බලවත් කරගෙන තියෙනවා. මේ අපි එකතුවෙලා මහා බලවේගයක් වුවොත් අදාළ වගකිවයුත්තන්ගෙ ඇස් ඇරවලා දැනුම්වත් කළ හැකියි. අපේ මුතුන් මිත්තන් හදපු ඉතිහාසය ඊළඟ පරම්පරාවට මේ අයිතිය ගෙන යා යුතුයි. එහි වගකීම තිබෙන්නෙ අපිට.
මේ රටේ දේශපාලකයන් මේවා කතා කරන්නෙ නෑ. කතා කරන්න පුළුවන් වුණත් කතා කරන්නෙත් නෑ. හාමුදුරුවරු වෙච්ච අපි කතා කරන්නෙත් දේශපාලනය තමයි. ඒ ඓතිහාසික දේශපාලනය.”යි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
“හෙළ උරුමය යම් කාර්යභාරයක් කළා. ඒත් ඒක එදා චන්ද්‍රිකා විනාශ කළා. දරාගන්න බැරි තරම් ප්‍රෙෂර් එකක් දාලා එය විනාශ කළා. එදා හෙළ උරුමය නැත්නම් අද මහින්ද රාජපක්‍ෂ කෙනෙක් නෑ. එදා මාවිල්ආරු බේරගන්න අපි කටයුතු කළා.
ඒ නිසා යුද්ධය ඉවර කරන්න අපි තමයි ඒ තැනට පාර හදලා දුන්නෙ. අපි කරන්නෙ ඓතිහාසික දේශපාලනය. අපිට සීමා නෑ. දේශපාලකයන්ට සීමාවන් තියෙනවා. අපි දේශපාලකයන්ට යට නොවී සිටියොත් මේ සමාජ යථාර්ථය කතා කරන්න පුළුවන්. දේශපාලකයන්ට යටත් වුණොත් මේ සමාජ යථාර්ථය කතා කරන්න බෑ. දේශපාලකයා කියන්නෙ අඟහරු ලෝකෙන් ආව අය නෙවෙයි. අපේම උන් තමයි. ඒත් යන්නෙ වැරැදි මාර්ගවල.”ද උන්වහන්සේ වැඩිදුරටත් කීය.
කසුන් දිසානායක

No comments:

Post a Comment