Tuesday, 9 July 2013

තරුණ අසහනය නසන පිළියම

Dulasopඅපේ රටේ තරුණයින්ගේ අසහනය ඇති වන්නේ රැකියා ගැටළු නිසා බවත් එම රැකියා ලබා දුන්නොත් එම අසහනය නැති බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේ වයින පුරා විශ්ව විද්‍යාල විද්‍යායතන 25 ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ යටතේ පළමු විශ්ව විද්‍යාලවිද්‍යායතනයට කුලියාපිටියේදී මුල්ගල තැබීමෙන් අනතුරුව පැවති උත්සවයේදීයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දරුවන්ට තලලා හෝ පාසැල් ගේට්ටුවෙන් ඇතුලේ තිබ්බමත් තනිරූල්, කොටුරූල් පොත් පිටු පිරෙව්වමත් අධ්‍යාපනය හරි කියලා ඇතැම් දෙමව්පියන් සිතු බවයි. ඒ වගේම ඡන්දයට පෝස්ටර් ගහපු, කොඩි දාපු ටික දෙනෙකුට මොනවාහරි රස්සාවල් ටිකක් දුන්නමත් රැකියා විරහිතභාවයේ ගැටලූව හරි කියලා බොහෝ දේශපාලනඥයින්ද සිතු බව ද අමාත්‍යවරයා පවසා සිටියා.අපේ රටේ තරුණ අසහන කොමිෂන්, නැති අවුල් ඇති කල බවද තරුණයාට රැකියාවක් දුන්නොත් සියලූ අසහනයන් දුරුවන බවද, අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
එහිදි වැඩිදුරටත් දහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ශ‍්‍රී ලාංකේය අධ්‍යාපනයේ එක් සුවිශේෂී ඇරඹුමක් සනිටුහන් කරමින්, විශ්ව විද්‍යාල විද්‍යායතන වැඩ පිළිවෙල ආරම්භ කරන මොහොතේ අපි සියලූදෙනාම සාක්ෂිකරුවන් වීමට වාසනාවන්ත වී තිබෙන බවයි. මේ වසර තුල විශ්ව විද්‍යාල විද්‍යායතන නවයක් (09) ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ද ජනාධිපතිතුමා කාරණා දෙකක් මත මේ වැඩපිළිවෙල කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කිරීමට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ විශ්ව විද්‍යාල විද්‍යායතන හරහා අපේ රටේ අධ්‍යාපනයේ වෙනස්කම් ඇතිවන්නේ කොහොමද? කියන එක වැදගත් වෙන බවයි. ඒ වගේම මෙතෙක් තිබූ ක‍්‍රමයේ අඩුපාඩු පිළිබඳවත් දැනුවත්වීම අවශ්‍ය බව ද අමාත්‍යවරයා කියා සිටියා. ඉතිහාසයේ සිට යෝජනා කල අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ දියත් කරන්න බැරි වුණේ ඇයි? එහෙම වුණේ අධ්‍යාපනයේ අපි විශ්වාස කල සංකල්ප නිසයි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඇතැම් දෙමව්පියන් දරුවට තලලා හරි පාසැලේ ගේට්ටුවෙන් ඇතුලේ තිබ්බම අධ්‍යාපනය හරි කියලා හිතන බවත් අපේ රටේ තරුණයින්ගේ අසහනය සොයන්න අවස්ථා දෙකකදී තරුණ අසහන කොමිෂන් පත් කළ බවත් තරුණයින්ට එහෙම අසහනයක් නැහැ. රැකියාවල් නැති ගැටළුවයි, තිබෙන්නේ. රැකියාවත් දුන්නොත් ඔය කියන සියලූ අසහනයන් නැති වෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඇතැම් රජයන් එයට උත්තර දුන්නේ උණ්ඩයෙන්. ටයර් සෑයවලින්.
අපි මේ වසරේ සිට දිවයින පුරා පාසැල් 200 ක උසස් පෙළට තාක්ෂණ විෂය ධාරාව ආරම්භ කල බවත් මේ ආරම්භ වුණේ පාසැල් අධ්‍යාපනය සහ කාර්මික අධ්‍යාපනය අතර පාලමයි. මෙතෙක් පාසැල් අධ්‍යාපනයත්, කාර්මික අධ්‍යාපනයත් වෙන වෙනම ගමන් කලා. අධ්‍යාපනයේ ගැටලූව ලෙස රට ඉදිරියේ තිබුණේ, මෙයයි. වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය තුලින් ලබන උපාධියේ පළමු වසර දෙකයි, මේ විශ්ව විද්‍යාල විද්‍යායතන තුල ඉගැන්වීම් කරන්නේ. කාර්මික අධ්‍යාපනයේ උපාධිධාරීන්ගේ අඩුවක් අපේ රටේ තිබෙන බව ද ඔහු පවසා සිටියා. එම නිසා මෙම වැඩපිළිවෙල රැකියා විරහිතභාවයට ප‍්‍රබල පිළිතුරක් වේවි බව අමාත්‍යවරයා කියා සිටියා.

No comments:

Post a Comment