Tuesday 3 September 2013

තොන්ඩාට එරෙහි සටන මෙහෙයවීමට දිගම්බරම්ට රු.කෝටි 20 සහ එස්ටීඑෆ් හමුදාවක්-------


කඳුකරයේ ආණ්ඩු සන්ධානයෙන් වෙන්ව ඡන්දය ඉල්ලන තොන්ඩමාන්ගේ කම්කරු කොන්ග්‍රසයේ බලය දෙකඩ කිරීමේ අති මහත් වෑයමක යෙදී සිටින මැදමූලන මරා ඒ සඳහා යොදාගෙන සිටින දිගම්බරම්ට ලබා දීම සඳහා රුපියල් කෝටි 20 ක මුදලක් අද උදෑසන තම ඒජන්තයෙක් අත හෙලිකොප්ටරයකින් යවා තිබේ.

තොන්ඩමාන්ගේ මන්ත්‍රී රාජදුරෙයි කඩා ඉවත් කර දිගම්බරම් වෙත යැවුවේ ද  මෙ අනුව ය. ඉන්පසුව තොන්ඩා සහ දිගම්බරම් අතර සටන් ඇවිලී ගොස් ඇත්තේ දෙපාර්ශවයේ ආධාරකරුවන් එකිනෙකා මරා ගනිමිනි.

මෙහිදී  තමන්ගේම එක් ඇමැතිවරයෙක් වූ තොන්ඩාට එරෙහිව අනෙක් නියෝජ්‍ය ඇමතිවරයෙක් වන දිගම්බරම් වෙත විවෘතවම තම සහාය ලබා දී ඇත. ඒ අනුව දිගම්බරම්ගේ ආරක්ෂාවට යයි කියා එස්ටීඑෆ් භටයන් 12 ක් සහ එස්ටීඑෆ් ජීප් රථ 3 ක් ඊයේ දිගම්බරම් වෙත සැපයුවේය. දිගම්බරම්ට ඇමැති ආරක්ෂක අංශයෙන් ලබා දී ඇති ප්‍රධාන ආරක්ෂකයා වන පොලිස් පරීක‍ෂක චන්දන ගමගේ ඇතුළු එම්.එස්.ඩී කණ්ඩායමට අමතරව මෙම එස්ටීඑෆ් පිරිස ලබා දී ඇත. එස්ටීඑෆ් 12 දෙනා අතර සැරයන් වරුන් දෙදෙනෙක්ද සිටිති.

මේ අතර පසුගියදා දිගම්බරම් මැදමූලන මරා හමුවූ අවස්ථාවේදී ප්‍රදේශයේ සියලූ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ද කැඳවා තිබූ අතර  පොලිසියට නියෝග කර ඇත්තේ දිගම්බරම් ආණ්ඩුවේ මිනිහා බවත් ඔහුව දිනවීම පොලිසියේ රාජකාරිය විය යුතු බවත්ය. "තොණ්ඩා ගැන මං දන්නවා ඕක කරන එකම දේ බොන එකයි. ඉන්දියාවට ගිහිල්ල අර අම්මන්ඩිට අපි ගැන කේලම් කියන එකයි විතරයි." යනුවෙන්  පවසා ඇත. 'අර අම්මන්ඩි' යනුවෙන් හැඳින්වූයේ ඉන්දියානු කොන්ග්‍රස් නායිකා රජීව් ගාන්ධි මහතා ගේ බිරිඳ සෝනියා ගාන්ධිට ය.

No comments:

Post a Comment