Monday, 2 September 2013

බල්ලන්ටත් කසාදයක් කරගන්න පුළුවන් රටේ කොල්ලෙක්ට පෝරුවෙ නැඟලා මඟුලක් කන්න බෑ - ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා



බල්ලන්ටත් කසාද බඳින්න පුළුවන් මේ රටේ කොල්ලන්ට මඟුල් පෝරුවට නැඟලා කසාදයක් බැඳගන්න හැකියාවක් නැතිවෙලා. ඒක සමාජයේ දැවෙන ප්‍රශ්නයක් බවට පත්වෙලා. හේතුව ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් නොවීම. තරුණ කොල්ලන්ට රැකියාවක් නැහැ. නිෂ්පාදනයක් කළොත් එයට වෙළෙඳපොළක් නැහැ. ඔන්න ඔය හේතූන් නිසා ඒ අයගේ අතමිට සරු නැතිකමෙන් නියම කලවයසේදී කසාදයක් බැඳගන්නවත් බැරුව ගිහින් තියෙන්නෙ.

පළාත් සභා මැතිවරණයේ වයඹ පළාත් සභාවේ පඬුවස්නුවර ආසනයේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්‍ෂකයන් තිදෙනාට ආධාර පිණිස පැවැති ජනතා හමුවකදී ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එසේ පැවැසීය. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, මේ මැතිවරණය ඉතාමත්ම තීරණාත්මක එකක්. මොකද අපි දැකලා තියෙනවා ඔබේ ඡන්දයෙන් බලය අරගෙන ඔවුන් ඉහළ තලයේ ඉඳගෙන ඔබේ දරුවන්ට කරල තියෙන වින්නැහිය පිළිබඳ. ඇමැතිවරු, මහ ඇමැතිවරු, නගරාධිපතිවරු සහ ප්‍රාදේශීය සභා සභාපතිවරු ඔවුන්ගේ පහළ නියෝජිතයන් සමඟ ජනතා සේවය සලසන අපූරුව. කුඩා දැරියගේ ඉඳල වයෝවෘද්ධ කාන්තාව දක්වා දූෂණයට ලක්කරල මරා දමලා. ඒ විතරක් නෙවෙයි පිරිමි දරුවකුටවත් පාරේ බැහැල යන්න ඉඩදෙන්නෙ නැහැ.

ඇයි එහෙම වෙන්නෙ? ඔවුන් මොන වරද කළත් මහරජාගෙ සමාව ලැබෙන නිසා. කොටකෙතනට මොකද වුණේ? උෟ නිදහස්. ඒ විතරක් නෙවේ ඇමැති පුත්තුත් පටන් අරගෙන සමාජ විරෝධී කටයුතු කරන්න. මේ හැම ජඩ වැඩක්ම කරන්නෙ තමුන්නාන්සෙලාගෙ ඡන්දයෙන් ඉහළට ගිය අය. ඒ නිසයි මම කියන්නෙ මේක තීරණාත්මක මැතිවරණයක් කියලා.

තාත්තටයි පුතාටයි දෙන්නටම ‍ෙදාර මාරුවෙන කාලයක් මේක. ඔබට මතක ඇති කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයගෙ පුතා අඩි දහස් ගණනක් උඩ අහසෙ ඉඳගෙන තමන් ගමන් කළ ගුවන් යානයෙ ‍ෙදාර අරින්න ගිහින් විශාල අනතුරක් සිදුකරන්න ගිය සිද්ධිය. ඒ දරුව එදා ඒක කරල තියෙන්නෙ හීනෙන් බය වෙලාලු. බය වුණු පාර ඒ අහිංසකයට වැසිකිළි යන්න ඕන වෙලා. වැසිකිළියෙ ‍ෙදාර කියල හිතාගෙන ගුවන් යානයෙ ප්‍රධාන ‍ෙදාර අරින්න හදල තියෙන්නෙ.

No comments:

Post a Comment