Monday 2 September 2013

ගැනු ලමයෙක් විදියට මටත් ඒ හැඟීම එහෙම්ම දැනුණා


මටත් ඒ හැඟීම එහෙම්ම දැනුණා
ඉතිං ඉතිං සමාධි?
හොඳින් ඉන්නවා ඉතිං........

මොකද සද්ද බද්ද නැත්තේ?
මම කොහොමත් නිහඩ කෙනෙක්නේ. කවදත් මම සද්ද කලේ නැනේ.
මලිගෙන් පස්සේ පෙන්න නැත්තේ ඇයි?
ටෙලි නාට්‍ය දෙකක් කළා. මහමෙරකි නුඹ මට ‘දුවන බාබර්’ ටෙලි නාට්‍ය තාම විකාශය වුණේ නෑ. වෛශ්නාවී. මම රඟපාපු එකම චිත‍්‍රපටයත් තාම තිරගත වුණේ නෑනේ. මං හිතන්නේ මේ මගේ විරාම කාලයක්ද කෙහෙද?
4ue2මලි නිමා වෙලත් ටික කලක් වෙනවා. ටෙලි නාට්‍ය දෙකකට විතරක් සම්බන්ධ වුණෙ තව ආරාධනා නොලැබුණු නිසාද?
ආරාධනා නම් ලැබුණා. ඒත් ලැබෙන හැම ආරාධනාවක්ම භාර ගන්න බැනේ. කොහොමත් මේ ක්‍ෂේත‍්‍රයට එනකොට මම තීරණය කලා. 8,8.30,9 ට හැම නාට්‍යයකම පෝලිමේ පේන්න ඉන්නේ නෑ කියන එක. එහෙම දකිනකොට පේ‍්‍රක්‍ෂකයාට වුණත් ඒ දේ හිතෙනවා. ඉදිරියේදී වුණත් ඒ දේ එහෙමම තමයි.

සමාධිගේ රංගන ජිවිතය ගැන නෙවෙයි පෞද්ගලික ජිවිතය ගැන කතා කරමුකෝ. සමාධි පෙම්වතියක්නේ. පෙම්වතා ගැනත් කියමුකෝ.?
ඔව්.... ඔව් .. පෙම්වතියක්. මගේ පෙම්වතා සංජය මොරගොල්ල
ෂංජයව හමුවුණත් රූගත කිරීමකදීනේ?
ඹහ මෙරකි ඔබ මට නාට්‍යයේ අප දෙන්නා තමයි පෙම්වතුන් වුණේ.
කැමරාව ඉදිරියේ රඟපාපු පේ‍්‍රම ජවනිකා සෑබෑ ජිවිතයේත් රඟපාන හිතුණේ ඇයි?
අනේ මන්දා. අයියාටත් මං ගැන කැමැත්තක් ඇතිවෙලා. මටත් ඒ හැඟීම එහෙම්ම දැනුණා. ඒත් අද කලේ මිනිස්සු විශ්වාස කරන්නේ කොහොමද? ගැනු ලමයෙක් විදියට කාටත් වඩා මම පරස්සම් වෙන්න ඕනෑනේ. ඒ නිසා කොච්චර කැමැති වුණත් මම ඒ හැඟීම කිව්වේ නෑ.
ඒ කියන්නේ අප‍්‍රකාශිත ආදරයක්?
ඔව්. හැබැයි ඒ ආදරය ප‍්‍රකාශිත ආදරයක් කරලා. අපේ අනවබෝධය දුරු කරලා. අපිව ළං කරපු විශේෂ කෙනෙකුත් ඉන්නවා. එයාගේ මැදිහත්වීම නැතිනම් මට මේ වගේ හොඳ පෙම්වතෙක් මඟ හැරෙන්නත් තිබුණා.
කවුද ඒ විශේෂ කෙනා?
අපේ සුදු සීයා. ඒ කියන්නේ සතිචන්ද්‍ර එදිරිසිංහ මහත්මයා. සතිශ් අංකල් තමයි ඒ නාට්‍යයේ සුදු සීයා. සමහර විට ෂතිශ් අංකල්ට අපි දෙන්නා ගැලපෙනවා කියලා හිතෙන්න ඇති. තාත්තා කෙනෙක් වගේ අපි දෙන්නට වෙන වෙනම අවවාද කරලා අපි දෙන්නාව ළං කළා. ඒ නිසා ෂතිශ් අංකල්ට අපේ ආදර කතාවේ වැදගත් තැනක් හිමිවෙනවා. අප දෙන්නා අංකල්ට ණය ගැතියි. ඒ වගේම ගොඩක් ආදරය කරනවා. ගොඩක් ගරු කරනවා.
සමාධි නළුවෙක්ව විවාහ කරගන්නේ නැ කියලානේ මුලදී කිව්වේ?Smadi
ඔව්. මේ මම හිනෙන්වත් ප‍්‍රර්ථනා කරපු දෙයක් නෙවෙයි. ඒත් ඒක එහෙම වුණා. සංජ අයියා මීට කලින් නිර්මාණ දෙකකට විතර සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් තාම ඒවා විකාශය වෙලා නැ. මාව හම්බවුණා මහමෙරකි නුඹ මට නාට්‍ය එයාගේ අවසාන රංගනය කියලයි අයියා නම් කිව්වේ.
ඔයාගේ අවසාන රංගනය වෙයිද?
නෑ. නෑ. මගේ රඟපෑම නතර වෙන්නේ නෑ.
නොවැම්බර් විවාහ වෙන්න නේද හිටියේ . ඇයි මංගල්‍යය කල් ගියේ?
නැකත්වල ප‍්‍රශ්නයක් තිබුණා. අයියාට විදෙස් සංචාරයකටත් සහභාගී වෙන්න සිද්ධ වුණානේ. ඒ නිසා වෙඩින් එක ටිකක් කල් ගියා.
කවදා විතර ද එක කුඩුවක කුඩු වෙන්නේ?
ලබන අවුරුද්දේ මුල ඒකනම් වෙනස් වෙන්නේ නෑ.
පෙම්වතා රඟපාන්නේ නැතිනම් මොකද කරන්නේ?
ව්‍යාපාර කටයුතු තමයි. එයාට ද මිඩියා හවුස් කියලා ප‍්‍රඩක්ෂන් හවුස් එකක් තියෙනවා. ඉදිරියේදී අපි ටෙලි නාට්‍ය නිෂ්පාදනයටත් යොමු වෙන්න හිතාගෙන ඉන්නවා. මමත් අයියාගේ ප‍්‍රඩක්ෂන් හවුස් එකේ වැඩට උදව් වෙනවා.
ඒ කියන්නේ අනාගතයේ සැමියා නිෂ්පාදනය කරන නාට්‍යවල බිරිය රඟපායි?
අයියත් එහෙම කියනවා.ඉස්සරහට බලමුකො ඉතිං
සාකච්ඡා කලේ නිමේෂා සවන්ති රාජපක්‍ෂ
උපුටා ගැනීම මව්බිම

No comments:

Post a Comment