නවනීදන් පිල්ලේ මහත්මිය මාසයකට
දෙකකට සැරයක් හෝ ලංකාවට එනවා නම් අගනේ යැයි මේ දිනවල 'වන් ෂොට් කතා' කියන
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසීය.
කවුරු ඇයට දේශද්‍රෝහී යැයි කීවත් තමා එසේ නොකියන බවත්, ඇය
පැමිණි දින 7 දී ඇය ගිය මාර්ග වල තිබූ හමුදා බැරියර් ඉවත් වූ බවත්,
වැලිවේරියේදී වෙඩි තැබූ හමුදා නිලධාරීන් තිදෙනෙකුට සුළු හෝ දඩුවමක් ලැබුණු
බවත් උද්ඝෝෂන වලට පොලිසියෙන් කඳුලූ ගෑස් ප්‍රහාර එල්ල කිරීම හෝ වෙඩි තැබීම
සිදු නොකළ බවත්, ජනතාව කටක් ඇර ආණ්ඩුව විවේචනය කිරීමට බයක් නැතිව ගිය බවත්
කී රන්ජන් රාමනායක මහතා ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය නවනීදන් පිල්ලේ
මැතිනිය මාසයකට දෙකකට සැරයක් හෝ ලංකාවට එනවාට තමා නම් කැමැති බව පැවසීය.
No comments:
Post a Comment