Monday, 2 September 2013

විමල්ගේ මාතලේ අපේක්ෂකයාට ගලේවෙල සන්ධානය පස්ස හරවයි



මධ්යම පළාත් සභාවට මාතලේ දිස්ත්රික්කයෙන් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන පළාත් සභා අපේක්ෂක සරත් විජේසිංහ මහතාට තමන් ඇතුළු මන්ත්රිවරු අටදෙනා සහයෝගය ලබා නොදෙන බව ගලේවෙල ප්රාදේශීය සභා මන්ත්රි අසංක නිල්දණ්ඩාවෙල (..නි..) මහතා පැවැසීය.

අනුව මාතලේ දිස්ත්රික්කයේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තමන් ඇතුළු මන්ත්රිවරු අට දෙනා (8) එම අපේක්ෂකයාට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී සහාය ලබා දීමෙන් වැළකෙන බව මහතා පැවැසීය.
ඊට හේතු වූ කරුණු දිස්ත්රික් කමිටුවට ඉදිරිපත් කළද ඊට නිසි ප්රතිචාර නොලැබීම නිසා මේ තීරණය ගනු ලැබූ බව හෙතෙම පැවැසීය. කෙසේ වෙතත් ..නි.. අපේක්ෂකයන්ට තම කණ්ඩායම සහාය දක්වන බව මහතා පැවැසීය.

No comments:

Post a Comment