Monday 2 September 2013

කැබිනට් සාමූහික වගකීම හරියට තේරුම් අරගෙන නැහැ. - ඇමැති විජිත් විජතමුනි සොයිසා



"අලි මිනිස් ගැටුමේ වගකීම මට විතරක් භාරගන්න බැහැ. ඒකට වගකියන් ඕන මේ රටේ රාජ්‍ය මන්ත්‍රණ සභාව පැවැති කාලයේ ඉඳලා එන පාලකයෝ. පියංකර ජයරත්න ඇමැතිතුමා ඒකේ වැරැද්ද මට විතරක් පවරන්න හදනවානම් එතුමා කැබිනට් සාමූහික වගකීම හරියට තේරුම් අරගෙන නැහැ. එතුමා මොන්ටිසෝරි මොළයක්වත් නැතුව ඒ වැරැද්ද මගේ පිට පවරන එක වැරැදියි" යැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැති විජිත් විජතමුනි සොයිසා මහතා පවසයි.
ඒ මහතා පවසන්නේ පියංකර ජයරත්න ඇමැතිවරයාටද ඉදිරියේදී ඡන්දය ලබා ගැනීමට ක්‍රමයක් අවශ්‍ය බැවින් කුමක් හෝ කතාවක් කිව යුතු බවයි. ඒ සඳහා අලි මිනිස් ගැටලුව යොදාගෙන ඇති බවත්, ඊට තමාව පටලාගෙන ඇති බවත් සොයිසා අමාත්‍යවරයා කීය.

අලි මිනිස් ගැටුමට මූලිකව වගකිවයුත්තේ වනජීවී අමාත්‍යවරයා සහ එම දෙපාර්තමේන්තුව යැයි අමාත්‍ය පියංකර ජයරත්න මහතා ඉකුත්දා පළකර තිබූ ප්‍රකාශයක් පෙරේදා (01 දා) 'මව්බිම' පුවත්පතේ වාර්තාකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් විජිත් විජතමුනි ද සොයිසා අමාත්‍යවරයාගෙන් විමසීමේදී මේ අදහස් පළ කළේය.
අමාත්‍යවරයා මෙසේද කීය.

පියංකර ජයරත්න ඇමැතිවරයා මගේ පොඩි කාලයේ ඉඳලම යාළුවෙක්. ඒ වගේම ඥාතියෙක්. හැබැයි එතුමා අලි මිනිස් ගැටුමේ වගකීම මට පවරන්න හදනවානම් එතුමා හරියට කැබිනට් සාමූහික වගකීම මොකක්ද කියලා තේරුම් අරගෙන නැහැ. මොකද එතුමත් කැබිනට් ඇමැතිවරයෙක්, මාත් කැබිනට් ඇමැතිවරයෙක්.
මේ ගැටලුවට වගකියන්න ඕන මම විතරක් නෙවෙයිනේ. මේක මම ඇමැතිකම භාරගත්ත කාලේ විතරක් තිබ්බ ගැටලුවක් නෙවේ. අනික මේ ප්‍රශ්නෙ විසඳන්න එක එක්කෙනා කියන විදියට බැහැ. මේක විසඳන එක ජාතික ප්‍රශ්නයක්. හරියට යුද්ධයක් වගේ. ඒකට මායි පියංකර උන්නැහෙයි රණ්ඩුවෙන එකේ තේරුමක් නැහැ

No comments:

Post a Comment