Wednesday, 9 October 2013

ඇමති ගහනය වෙඩිවෙයි,අලුතින් 21 හෙට දිවුරුම් දෙයි

හෙට දිනයේ අරලියගහ මන්දිරයේ දී නව නියෝජ්‍ය ඇමැතිවරු 21 දෙනෙකු පමණ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
මෙහිදී පළාත් සභා නියෝජනය කර, පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත‍්‍රීවරුන් 21 දෙනකුට ද, පසුගිය මහ මැතිවරණයේදී දිස්ත‍්‍රික්කවලින් වැඩිම මනාප ලබාගත් නවක මන්ත‍්‍රීවරුන් 4 දෙනකුට ද, සුළු පක්ෂ නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් පස් දෙනකුට පමණ නියෝජ්‍ය ඇමැතිධූර හිමිවීමට බොහෝදුරට ඉඩ ඇති බව වාර්තා වෙයි.
දැනට අමාත්‍යාංශ ගණනාවකට නියෝජ්‍ය ඇමැතිවරුන් නොමැති බැවින්, ඒ සඳහා නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කළ යුතු බව රජයේ අදහසවී ඇති අතර ඒ අනුව ප‍්‍රධාන වශයෙන් ජනතාවට සමීප අමාත්‍යාංශ ගණනාවකට නියෝජ්‍ය ඇමැතිවරුන් පත්කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

No comments:

Post a Comment