Tuesday 13 August 2013

රතුපස්වල සිද්ධියට....ජාත්‍යන්තර පරීක්‍ෂණයක්

රතුපස්වල වුණේ එදා උතුරේ වුණ දේ… ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍යයි උතුරේ පැවති යුද්ධයෙන් අහිංසක සිවිල් වැසියන් 75,000ක් පමණ මිය ගිය අවස්ථාවේදීද ඒ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටි බවත් අද දකුණේ සිදුවන්නේ එදා උතුරේ සිදු වූ දේම බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
මෙම සියලූම ඝාතන සිද්ධීන් වල සත්‍යය දකින්නට නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවත් පැවසූ ඔහු එදා තම ඉල්ලීමට විපක්ෂයෙන් සහායක් ලැබුණේ නැතැයි ද පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
‘වැලිවේරියේ බොන්නට ජලය ඉල්ලූ ජනතාවට වෙඩි තැබීම වැරැුදියි. මෙම සිද්ධියෙන් තිදෙනෙක් මිය ගොස් තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විපක්ෂය ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා. ඊට අපද එකඟයි.
එදා උතුරේ යුද්ධයෙන් අහිසංක සිවිල් ජනතාව 75,000ක් පමණ මිය ගියා. ඒ සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි’

No comments:

Post a Comment