Thursday 10 October 2013

මහජන සේවය කිරීමට තව ඇමැති වරු 9ක් ,ජනතාවට බාරදෙයි.

මීට ස්වල්ප මොහොතටක පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නවදෙනෙකු නව නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එසේ දිව්රුම්දුන් මන්ත්‍රීවරුන් අතර සනත් ජයසූරිය,හේමාල් ගුණසේකර, මොහාන් ලාල් ග්‍රේරු, නිශාන්ත මුතුහෙට්ටිගම, ලක්ෂ්මන් පෙරේරා, වයි. ජී. පද්මසිරි, ඇන්ටනි වික්ටර් පෙරේරා, එස්. සී. මුතු කුමාරණ යන අය වෙති.
මාතර දිස්ත්‍රික් මන්ත්‍රී සනත් ජයසූරිය මහතාට තැපැල් සේවා නියෝජ්‍ය ඇමැති ධූරයත්,
මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාට කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමැති ධූරයත්,
දිගාමඩුල්ල මන්ත්‍රී සරත් පියනන්ද වීරසේකර මහතාට කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍ය ධූරයත්,
කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වයි. ජී. පද්මසිරි මහතාට කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති ධූරයත්,
පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. ඇන්ටනී වික්ටර් පෙරේරා මහතාට පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන නියෝජ්‍ය ඇමැති ධූරයත්,
මාතර දිස්ත්‍රික් මන්ත්‍රී හේමාල් ගුණසේකර මහතාට සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය ධූරයත්,
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතාට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධූරයත්,
ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධූරයත්,
අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතාට පුණරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැති ධූරයත් පිරිනමා තිබේ.

No comments:

Post a Comment