Wednesday, 9 October 2013

මර්වින් සිල්වා රාජපක්ෂ පවුලට තවත් ලංවීමට උත්සහ කරයි

ජනාදිපතිතුමාගෙන් හා රාජපක්ෂ පවුලෙන් කැපී විසිවී සිටින මර්වින් සිල්වා එම පවුලට තවත් ලංවීමට,අනුකම්පාව ලබා ගෙනීම සදහා තමන්ගේම හෙන්චයියන් අතුරුදහන් කරව ,තමන්ට තර්ජන අඑතිබව පවසා ඔවුන් වෙත ලං වීමට උත්සහ කරමින් සිටින බව කැලණියේ  ජනතාව ප්‍රකාශ කරන අතර,අඟහරුවාදා (08) අළුයම සුදු වෑන් රථයකින් පැහැර ගෙන ගිය පුද්ගලයන් දෙදෙනා කඩුවෙල ප්‍රදේශයේ දී බදාදා (09) පාන්දර දමා ගොස් තිබෙන්නේ යළිත් වරක් මර්වින් සිල්වා ඇමැති සමග කිසිම ගනුදෙනුවක් කර අසු නොවන ලෙසට තර්ජනය කරමිනි. මෙසේ පැහැර ගෙන යන ලද්දේ ඇමැති මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධිකරණලේකම්වරයකු යැයි මරදාන පොලිසිය පවසන දළුපිටියේ පදිංචි කේ.ජී.ඩී. තිලකසිරි හෙවත් ‘හට්’ තිලක් නැමැත්තා සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා වූ හිටපු කමාන්ඩෝ සෙබළෙක් වන රොෂාන් සංජීව යන අයයි.
සුදු වෑන් රියෙන් පැහැර ගෙන යන ලද මොවුන් දෙදෙනාට පහර දෙමින් ප්‍රශ්න කර තිබෙන බව පොලිසිය පවසයි. ප්‍රධාන වශයෙන් ප්‍රශ්න කර තිබෙන්නේ කුඩු ජාවාරම් සහ කප්පම් ගැනිලි සම්බන්ධයෙන් යැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ වාගේම ඇමැති මර්වින් සිල්වා සමග තිබෙන්නේ මොන වාගේ ඇසුරක්දැයි ප්‍රශ්න කර තිබේ.
අවසානයේ දී නාඳුනන කණ්ඩායම මොවුන් දෙදෙනාට පහර දෙමින් පවසා ඇත්තේ මෙය ඔවුන්ට ලබා දෙන 
Haut-Thilakasiri3අවසන් Haut-Thilakasiri1අවස්ථාව බවයි. ඇමැති මර්වින් සිල්වා සමග තිබෙන සියලුම සම්බන්ධකම් අදින් පසු අවසන් කළ යුතු බව පවසා තිබෙන මෙම කණ්ඩායම එවැනි ඇසුරක් පවත්වා අසු වුවහොත් අතුරුදන් කර දමන බවට තර්ජනය කර තිබේ.
මීට පෙරත් ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධිකරණ ලේකම්වරුන් යැයි කියාගත් අමල් රොද්රිගෝ සහ ඩොනල්ඩ් රංජිත් යන දෙදෙනා
 නාඳුනන කණ්ඩායම්

විසින් දෙවරකදී පැහැර ගෙන ගියේය. ඔවුන්ටද පහර දී Haut-Thilakasiri2තර්ජනය කර ඇත්තේ ඇමැති මර්වින් සමග තිබෙන ඇසුර අත්හිටුවන ලෙසයි.
අනතුරුව මොවුන් දෙදෙනා ඇමැතිවරයා සමග තිබූ සබඳතා මුළුමනින්ම අත්හැර දැමූ අතර ඇමැති මර්වින් සිල්වා මහතා ලබා දෙන දුරකතන ඇමතුමකටවත් පිළිතුරු දෙන්නට ගොස් නැත.
ආචාර්ය, ඇමැති මර්වින් සිල්වා මහතා පවසන්නේ අඟහරුවාදා අළුයම පැහැර ගෙන ගිය කේ.ජී.ඩී. තිලකසිරි නැමැත්තා තමන්‍‍ගේ මිතුරෙක් මිස සම්බන්ධිකරණ ලේකම්වරයෙක් නොවන බවයි. එහෙත් එම පුද්ගලයා පැහැර ගැනීමට ලක් වූ අවස්ථාවේ පදවා ගෙන පැමිණි කලු පැහැති මොන්ටෙරෝ රථයේ තිබී ඇමැති මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු බව සඳහන් පිළිගැනීමේ පත් (
Visiting Card) රාශියක් මරදාන පොලිසියට හමු වී තිබේ.

No comments:

Post a Comment